ඉන්දියානු තෙල් සමාගම සංස්ථාවේ පරිඝණක ජාලයටත් රිංගලා, තෙල් අර්බුදයේ තවත් තොරතුරු එලියට

1

බාල ප්‍රමිතියෙන් යුතු තෙල් රට ගොඩ බෑමට කරන උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස පවතින තෙල් අර්බුදය නිර්මාණය වි ඇති බවට ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන වෘත්තිය සමිති සමාජිකයින්,

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල….

“මේ සමාගම් ප්‍රතිකේෂ්ප කරපු තෙල් නැව් ආපහු යන්නේ නෑ. මේ නැවේ තියන තෙල් රට ඇතුලට ගේන්න කූට උපක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඛනිජ තෙල් පාරිභෝගිකයන්ගේ අවධානයට පත් වෙලා තියනවා. ඔබ දන්නවා ඇති ඛනිජ තෙල් අර්බුදයේ හේතුවක් තමයි ගබඩා සංකීර්ණයක් නෑ කියලා මතවාදයක් ගොඩ නැගෙන්න පුළුවන්. ඒකට උත්තරය විදියට ඉන්දියානු තෙල් සමාගමට චයිනා බේ තෙල් ටැංකි දීමේ කූට උපක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. සැප් කියන පරිඝණක ජාලය හරහා තමයි තෙල් බෙදා හැරීමේ කටයුතු සිද්ධ කරන්නේ. මේ සැප් උපයෝගි කරගෙන පහුවදා තෙල් බෙදන්න ආරම්භ කරද්දි විනාඩි 20 ක් ඇතුලත පරිඝණක ජාලයම අක්‍රිය වුණා. කොහොමද එහෙම වෙන්නේ.”

බන්දුල සමන් කුමාර, ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමය – ඛනිජ තෙල් සංස්ථාව….

“8 වෙනිදා රෑ නැවක් එනවා කියලා තියනවා. ඒ නැව ප්‍රමිතියෙන් හොද තත්තවයේ තියනවා නම් අනිවාර්යයෙන්ම 9 වෙනිදා දවල් 12 පහුවෙනවා නැවේ තෙල් ගොඩ බාන්න පටන් ගන්නකොට. මොකද සාම්පල් පරික්ෂාවක් කරලා තමයි තෙල් බාන්න වෙන්නේ. මේ තෙල් අර්බුදය අඩුම තරමේ 11, 12 වෙනකම්වත් තියනවා. මේ රටේ ජාතික සම්පත් ටික සුරාගෙන  කන්න හදන පාලකයින්ට අපි කියනවා දැන්වත් මේ විදේශීයකරණ වැඩ පිළිවෙළ නතර කරපල්ලා කියලා,”

1 COMMENT

  1. If joob ѕafety is excessive on your list of pгiorities, this is one other factor that іs

    not offered by freelancіng. Many individuals

    have to be assured of steady earnings, at a fee that they will rely on,

    with a purpose tо maintain their payments and on a regular basis dԝelling expenses as much as date.

    Freelancding wont present the job and earnings safety tһat

    youd have froom beig on the employeeѕ of a ⅼegislatiߋn firm.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here