මස්කෙලියේ වතු යායක 63 හැවිරිදි කාන්තා මලසිරුරක්…, ඝාතනයක්දැයි සැකයක්

0

බගවන්තලාව, ටින්සින් තේ වතුයායේ අංක 03 කොටසේ වතු නිවසක තිබී වම් අතේ  බරපතල කැපුම් තුවාල සහිතව මිය ගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් බගවන්තලාව පොලීසිය මගින් අද (08) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

තමන් පදිංචිව සිටි නිවස තුළම මෙසේ මියගොස් ඇත්තේ, පළණියාණ්ඩි සින්නම්මා නැමති (63) හැවිරිදි තිදරු මවක් බව බගවන්තලාව පොලීසිය සඳහන් කරනවා.

මිය ගොස් සිටින කාන්තාවගේ ඥාතීන් විසින් බගවන්තලාව පොලීසියට සිද්ධිය දැණුම්දීමෙන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙය මිනී මැරුමක්ද නැතිනම් මෙම කාන්තාවම තම අත කපාගෙන මියගොස් ඇත්දැයි සැකයක් පවතින බව වැඩිදුර පරීක්ෂණ පවත්වන  බගවන්තලාව පොලිසිය පවසනවා. මළසිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිද්ධිය වූ ස්ථානයේදී අද දහවල් පැවැත්වීමට නියමිතව තිබුණි.

ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක – මස්කෙලිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here