අයවැයෙන් මිලියන 1250ක් වෛද්‍ය පීඨ සංවර්ධනයට – මොරටුවට, වයඹට සහ සබරගමුවට නව වෛද්‍ය පීඨ

1

රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ රාශියක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ආණ්ඩුව සිය දැඩි ආර්ථික ප්‍රතිපත්ටි වලින් බැහැරව නම්‍යශීලී ප්‍රතිපත්ටියක් ආරම්භ  කිරීමේ කාලය එළඹි ඇති බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසා සිටිනවා.

2018 වසර සඳහා වන අයවැය කතාව ඉදිරිපත් කරමින් සමරවීර අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

නීල හරිත අයවැය-එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා අයවැය යෝජනා,

“අයවැය ඉදිරිපත් කිරීමට ලැබීම මා ලද භාග්‍යයක්. අපේ යහපාලන ජාතිඅක ආන්ඩුවේ සිව්වන වසර සඳහා අයවැයයි. එදා ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදනයට අනුව ජපානයට පමණයි දෙවැනි වුණේ.අප දේශපාලන මතවාදී ලෙස කුලල් කා ගත්තා. තරුණු කැරළි දෙකකට දරුණු යුද්ධයකට මුහුණ දෙන්න සිදු වුණා. විවිධත්වය ගරු කරන අලුත් ශ්‍රී ලංකාවක් කරා යාමට මඟ පැදී තිබුණා.”

“ඉතිහාසයට වඩා අනාගතය හදන එක වටිනවා. සියලු බාධක මැද අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාදිපතිධූරයට පත් වුණා. මීතොට මුල්ල කුණු කන්දට වඩා ණය කන්දක් සහිත රටක් බවට පත් වී තිබුණා.නවෝත්පාදන සාමාජ වෙළඳ පොළ ආර්ථිකයක් ගොඩනැගීමටත් සමානාත්මතාව තුළින් ආර්ථිකය ශක්තිමත් කිරීම ආරම්භ කර තිබෙනවා.අපට මුහුණ දීමට සිදු වූ ගැටළුව වුණේ පහළ යැමට ලක් වූ රාජ්‍ය අදායම හා ණය බරතාවයයි.නියඟය,ගංවතුර,නායයෑම් වැනි අභියෝගවලට ද මුහුණ දුන්නා. අපේ ආර්ථික ප්‍රතිපත්තිවල සාධණීය තත්ත්වයක් පෙන්නුම් කරනවා.ශ්‍රී ලංකාව පිළිබඳව නැතිව තිබූ විශ්වාසය නැවත ගොඩනැඟුණා.”

“අප රජයේ 2025 ප්‍රකාශය ප්‍රකාර ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් වෙලඳපොළ තුළ ක්‍රියාත්මක කළ යුතු වෙනවා.මැදි කාලීන ඉන් ඔබ්බට යාමට නම් ප්‍රාග්ධන වෙලඳපොළ තුළ පූර්ණ විභව තාවය වර්ධනය කරගත යුතු වෙනවා. 2025 වනවිට ඉහළ මදි ආදායම් රටක් බවට පත් වීමට සීග්‍ර ආර්ථික වර්ධනයක් අවශ්ය වෙනව. ආර්ථිඅක් ලිහිල් කරණය ගෝලීයකර්ණය වැදගත් වෙනවා. රටෙන් වියැකී තරඟ කාරි විභවතා යළි ප්‍රතිසංස්කරණය කළ යුතුයි. දැඩි ආර්ථික ප්‍රතිපත්තිවලින් ඉවත්විය යුතුයි.ජාත්‍යන්තර වෙළඳාම පූර්ණ වෙනසකට ලක් කළ යුතුයි.”

“උද්ධමනය සියයට 6%ට අඩු කරන්න බලාපොරොත්තුවෙනවා.විවිධ භෝග වගාකිරීමට ඉඩ සැලසෙන පරිදි කුඹුරු පනත සහ කෘෂිකාර්මික ඉඩම් පනත සංශෝධනය කළ යුතුයි.”

“නීලහරිත සංවර්ධන ක්‍රමෝපාය ඉදිරිපත් කළා.අපි ඉදිරිපත් කරන නීල හරිත ආර්ථික වැඩසටහන් මඟින් අපේ සාගර සම්පත් යෝදා ගනිමින් ඉහළ ආර්ථික වර්ධනයක් ලබගත හැකි වෙනවා. ආර්ථිකයේ විවිධාංගීකරණය පහසුකරනවා. වාහන ප්‍රතිපත්තිය පවිත්‍රබවක් හෝ හරිත බවක් තිබුණේ නෑ. 2040 ඛණිජ තෙල් නොවන වෙනත් ආකාරයෙකින් ධාවනය කරන තත්ත්වයට පත්කරන්න කටයුතු කරනවා. 2025 වනවිට රජයේ වාහන දෙමුහුම් හෝ විදුලියෙන් ක්‍රියාත්මක වාහන බවට පත් කරනවා. ලංගම හරිතකරණයට ලක් කරන්න කටයුතු කරනවා. ඉලෙක්ට්‍රික් බස් 50 සඳහා මිලියන 500ක් වෙන්කරනවා.”

“සමුද්‍ර ආශ්‍රිත සියලු ම ක්‍රියාකාරකම් හි පූර්ණ ආර්ථික විභවතාවයන් එකතු කර සමස්ත වර්ධන ක්‍රමෝපායන් මත ”නීල ” ආර්ථිකයක් ගොඩනගනවා. පරිසරාත්මක වශයෙන් තිරසාර ක්‍රමෝපායන් මත පදනම් වන හරිත ක්‍රියාකාරකම් ද සමස්ත වර්ධන ක්‍රමෝපායට ඇතුළත් වෙනවා.”

“අපගේ අතීත මුතුන් මිත්තන් සතුව තිබූ ව්‍යවසායික හැකියාවන්”එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ යළි ප්‍රබෝධමත් කරනවා. එමඟින් ශ්‍රී ලංකාව ඉතා ආකර්ෂණීය වෙළඳ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනු ලබනවා. සෞභාග්‍යමත් රටක පාර්ශවකරුවන් බවට සියළු ශ්‍රී ලාංකිකයන් පත් කරනු ලබනවා.”

“පරිසර හිතකාමි උද්‍යාන ස්ථාපිතකරනවා. භවනා , යෝග, ව්‍යායාම කිරීමේ පහසුකම් ලබාදෙනවා.රූෆ් ගාර්ඩන් එකක් හදනවා. වසර 3කදී සෑම ප්‍රාදේශීය කොට්ඨාසයකම හදන්න බලාපොරොත්තුවෙනවා. මාතර නිල්වල ගඟ ආශ්‍රිතව එක් කලාපයක් ගොඩනැඟෙනවා. පින්නවල අලි අනාථාගාරය ප්‍රතිසංස්කරණය කරනවා. පින්වල පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කරනවා.”

“සෑම අවස්ථාවකදීම මුහුණ දීමට සිදු වූ නියඟ හා ගංවතුර හේතු නිසා කිසිදු අසාධර්ණයක් නොවන ලෙස ලබාදුන්නා. කාලගුණ සාධක මත පදනම් වූ රක්ෂණ ක්‍රමයක් හදුන්වදීමට කටයුතු කරනවා. මෙම දායකත්ව රක්ෂණය සැකසෙනවා. මේ සඳහා රජයෙන් රුපියල් මිලියන 3000ක් වෙන් කරනවා .ගොවීන්ට වැදගත් යෝජනාවක් බව අමාත්‍යවරයා පවසයි.”

“අලුත් ව්‍යාපාරිකයන් නිර්මාණය කළ යුතුයි. සෑම ශ්‍රී ලාංකිකයකුටම අවස්ථාව ලබාදිය යුතුයි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනින් පහසුකම් සැලසෙනවා. අවදානම් දරන ව්‍යවසායකයන්ද රැකබල ගත යුතුයි. රටක ජනතාවට ආඩම්බර විය හැකි ගමනක් වෙනුවෙන් ජනතාවට උදව් කළ යුතුයි. ආනයන අපනයන සහිත සංවර්ධන බැංකුවක් ස්ථාපිත කරනවා. මිලියන 10,000ක් මේ සඳහා යොදවනවා. 2018 ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා”

“පරිභෝගිකයන් ආරක්ෂා කරන නීති හඳුන්වා දෙනවා. කර්මාන්තය වර්ධනය හා පරිභෝගිකයන්ගේ ආරක්ෂාව සඳහා නීති හඳුන්වා දෙනවා. ජාත්‍යන්තර වෙලඳ පොළට ප්‍රවේශ වූ කර්මාන්ත වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා. අපනයන කරුවන්ගේ භාණ්ඩ සඳහා එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යෝජනා ක්‍රමය මඟින් ණය පහසුකම් සපයනවා. ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය ඉහළ මට්ටමකට පත් කරනවා. නව නිපැයුම්කරුවන්ට කර්මාන්තවලට ප්‍රවේශවලට අවතීර්ණවීමට අවස්ථාව සළසා දෙනවා.”

“ආකර්ෂණීය සංචාරක ස්ථාන කීපයක් වැඩි කිරීමට අපේක්ෂා කෙරේ. නානු ඔය, දුම්රිය මාර්ගය සංචාරකයන්ට හොඳ ප්‍රවාහන මාර්ගයක්. කොග්ගල අභ‍්‍යන්තර ගුවන්තොටුපල සංවර්ධනය කරනවා. මාදුරු ඔය, ගල් ඔය උද්‍යාන වැඩි දියුණු කරනු ඇත. සංචාරකයන්ගේ ආරක්ෂව සඳහා සංචරක පොලිස් ස්ථාන විස්සක් ස්ථාපිත කිරීමට පියවර ගැනෙණු ඇත.”

“ත්‍රී රොද රථ සංචාරකයන්ට ආකර්ෂණය වී තිබෙනවා. ත්‍රී රෝද රථ ව්‍යවසායකයන් බිහි කිරීමට බලාපොරොත්තු වෙනවා. සංචාරයන්ට හිතැති ටුක් ටුක් සංකල්පය හඳුන්වාදීමේ වැඩසටහනක් ආරම්භ කරනවා. ඔවුන් සංචාරක මඟ පෙන්වන්නන් ලෙස පුහුණු කරනවා. ත්‍රි රෝද රථ නියාමන අධිකාරියක් ස්ථාපිත කරනවා. මීටර් අනිවාර්යය කරන රෙගුලාසි ක්‍රියාත්මක කරනවා.”

“වසර 13 අධ්‍යාපනය ලබාදීම තනවුරු කිරීමට, ජාත්‍යන්තර තලයේ විශ්වවිද්‍යාල ඇති කරන්න ඕන. වෙළඳ පොළට වෘත්තීය පුහුණුවක් ලබාදෙන්න ඕන. උසස් පාඨමාලාවන් සකස් කළ යුතුයි. තරුණ කණ්ඩායම්වලින් පෞද්ගලික අංශයට අවශ්‍ය මාස තුනක පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. යැපුම් දීමනාවක් මසකට ලබාදීමට පියවර ගනු ඇත. මීළඟ වර්ෂ 3 තුළ තාක්ෂණික උසස් පාසල් 05ක් ස්ථාපිත කරන්න කටයුතු කරනවා. සිවිල්, සංචාරක, හෝටල් දැනුම ලබාදීමට මෙම පාසල් මඟින් ලබාදීමට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ස්මාර්ට් පන්ති කාමර සංකල්පය තවදුරටත් ශක්තිමත් කරනවා.”

“සිසුන් සඳහා ලබාදෙන විද්‍යාපීඨ දීමනාව රුපියල් 3500 සිට 5000 දක්ව වැඩි කිරීමට පියවර ගන්නවා. මිලියන 1250ක් වෛද්‍ය පීඨ සංවර්ධනය සඳහා වෙන් කරනවා. මොරටුව, වයඹ සහ සබරගමුව නව වෛද්‍ය පීඨ සකස් කරනවා.යාපනය විශ්වවිද්‍යාලයේ වව්නිය මණ්ඩපය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කරනවා. පසුගිය වසරේ පාසල් සිසුන්ට රක්ෂණය ලබාදුන් ආකාරයට විශ්වවිද්‍යාල සිසුන්ට රක්ෂන ක්‍රමයක් හඳුන්ව දෙනවා.”

“අප සතුව පොහොසත් ජාතික උරුමයක් ඇත. ආගමික ස්ථාන පුරාවිද්යා ස්ථාන විධිමත් ලෙස ආරක්ෂා කිරීම හා සංරකෂණයට කටයුතු කරනවා. කොළඹ පුස්තකාලයේ සහාය ඇතිව බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කිරීමට මිලියන 50ක් වෙන් කරනවා. හින්දු, ක්‍රිස්තියානි ආගමික ස්ථාන නවීකරණයට මිලියන 250ක් වෙන්කරනවා. ජාත්‍යන්තර සෞන්දර්ය කලා රංග ආයතනයක් මොරටුවේ පිහිටුවනවා.”

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here