අපිට අලියෙක් වැදුවත් විලි රුදුවාක් නෑ……..!

2

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඡන්දය ලබා දුන්ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, ප්‍රදේශීය සභා සභාපතිවරු හා ප්‍රදේශීය සභා මන්ත්‍රිවරු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ උත්සහයක නිරතව සිටින බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා චෝදනා කරනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිණි.

“අපි පත් කරපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, ප්‍රාදේශිය සභා සභාපතිවරු, අපි පත් කරපු ප්‍රදේශීය සභා මන්ත්‍රිවරු අද මේ පක්ෂය කඩා ගෙන ගිහිල්ලා/ ඒ අය මේ පක්ෂය කඩලා, අපි යූ. එන්. පීයට ගිහින් කියලා අපිට චෝදනා කරන ගමන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කඩන වැඩ පිළිවෙළට ඒ ගොල්ලෝ නායකත්වය, දායකත්වය පූර්ණ කැපවීම කරනවා. මේ අය ද්‍රෝහීන්. මේ අය යම් විදියකින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපතිතුමා එක්ක එකතු වෙලා මේ මැතිවරණයට ඉදිරිපත් වුණේ නැත්නම් ඒ අයට ඡන්දය දීපු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සමාජිකයින් හැමෝටම මේ අය ද්‍රෝහි වුණා කියන එක අපි බය නැතුව කියනවා. අන්න ද්‍රෝහීන් ඒක තමුන්නාන්සේලා හදුනා ගන්න ඕන.”

“අපි අවුරුදු 30, 40ක් දුෂ්කර ක්‍රියාව කරලා මේ ලබා ගත්ත දේ නිසි ප්‍රයෝජනය ලබා ගන්න මොහොත මේක. කන්දක් වීරිය දාලා මී පැටියෙක් වැදුවම මාධ්‍යයෙන් ඒක දානවා. හැබැයි විල් දාන්නේ නැතුව අලියෙක් වැදුවම ඒක කියන්නේ නෑ. කිසිම විලිරුදාවක් නෑ. කිසිම කෑමොර ගැහීමක්නෑ. ඒනිසා මේ ආණ්ඩුව කරපු වැඩත් එහෙම තමයි කිසිම ප්‍රචාරයක් නෑ,” අමාත්‍යවරයා පවසා සිටියා.

Gamini Vijith Vijithamuni Soysa

2 COMMENTS

  1. අප්පච්චි මලාද? අංගොඩ පලයන්, උඹට හොඳටම පිස්සු යකෝ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here