ද්විත්ව පුරවැසිබව තියන මන්ත්‍රිවරු හිරේ දාන්න ඕන! ගීතාට ගෙවන්න වුනානේ

0

ද්විත්ව පුරවැසි බව ලැබීම සම්බන්ධයෙන් එල්ල කර ඇති චෝදනා සියල්ල ප්‍රතිකේෂ්ප කරන බව අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කරනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (09) පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ලංකාවේ හැරෙන්නට වෙනත් කිසිදු රටක තමන්ට පුවැසිබවක් කෙදිනක හෝ හිමි වී නොතිබුණ බවයි.

ද්විත්ව පුරවැසි භාවය ඇත්නම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් දැරීමට එය නුසුදුසු කමක් බව මේ වනවිට රටම දන්නා බවත් නොදන්නා බව කවුරුන් හෝ පැවැසීම  පිළිගත නොහැකි බවත් ඔහු සඳහන් කළා.

එබැවින් ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත‍්‍රීවරු තවත් පාර්ලිමේන්තුවේ සිටින්නේ නම් ඔවුන්ගේ මන්ත‍්‍රීභාවය අහෝසි කිරීමෙන් නොනැවතී සිර දඬුවම් දිය යුතු බවයි අමාත්‍ය සමරවීර පෙන්වා දුන්නේ.

ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත‍්‍රීකම අහිමිකිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කර ඇති නිසා ඇය මන්ත‍්‍රීධුරය වෙනුවෙන් ලැබු සියලූ වරප‍්‍රසාද ආපසු ගෙවිය යුතු බවට තීන්දු වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

Mahinda Samarasinghe