සිරිකොතට වහල් වෙලා සෝභිත හිමියන්ගේ සිවුරේ බලයෙන් වෛරී දේශපාලනය පතුරුවන්න එපා!

0

අපවත් වී වදාළ සෝභිත හිමියන්ගේ නම යොදා ගනිමින් වැරදි මතයන් සමාජ ගත කිරීමට කටයුතු නොකරන ලෙස මහාචාර්ය සරත් විජේසූරිය වෙත පවසා සිටින බව ජාතික සංඝ සභාවේ ලේකම් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සඳහන් කරනවා.

පසුගිය දා පැවති සෝභිත හිමියන්ගේ දෙවන ගුණානුස්මරණ උත්සවයට සහභාගි වෙමින් සරත් විජේසූරිය පැවසූ කරුණු වලට ප්‍රතිචාර දක්වමින් සාගර හිමියන් අද (10) පැවති මාධ්‍ය හමුවකදි මේ බව සඳහන් කර සිටියා.

“මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මතය විකෘති කරමින් වැරදි මතයක් සමාජ ගත කිරීමට ගුණ සමරුව වෙනත් ආරකට යොමු කර තිබුණා. ජනාධිපතිවරයා මහානායක ස්වාමින් වහන්සේ වැඩ සිටින සභාවක තමයි මේ සෝභිත ස්වාමින් වහන්සේගේ නම විකුණලා බුදු දහමට අපවාද කරන්නේ. මේක සාපරාධි වැඩක් විදියට තමයි අපි දකින්නේ. මේක හෙලා දකිනවා. මේකෙදි සරත් විජේසූරිය මහත්තයා කියනවා මෙන්න මේ විදියට ‘අද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බලවත් බව අසන්න ලැබෙනවා. විවිධ අපරාධ තැන් තැන් වල සිදු වෙනවා. මට හිතෙන්නේ පොලිස් නිලධාරින් භාවනානුයෝගීව සියළු දෙනාට මෛත්‍රි වඩවන නිසා, හෘදසාක්ෂියට අවනතව නීතිය ක්‍රියාත්මක කිරීමට අවකාශ නොමැති නිසා විටක මට නම් සැකයි.’ මම දෙපාරක් තුන් පාරක් කියෙව්වා මේ පොත අඩුම තරමේ මහ බැංකු වංචාවවත් තියේද කියලා. මහ බැංකු වංචාව මේ පොතේ නෑ. මෙච්චර බිලියන ගාණක් හොරකම් කරපු එක නෑ. හැබැයි මිග් යානා ගණුදෙණු ටික තියනවා. සිරිලිය ගණුදෙණු ටික තියෙනවා. ඒක දූෂණය නැති කරන්න කියලා කියනවා. මේකේ කොහෙන් එනවද කියන එක පැහැදිළි නේ. මේක සිරිකොතේ නිර්මාණයක්නේ. වෛරය මත දේශපාලනය කරන්න ලෑස්ති වෙන්න එපා. එතකොට සිරිලිය ගිණුමත් අපි හොයන්න ඕන. මිග් ගණුදෙණුව ගැනත් අපි හොයන්න ඕන. එයාර් ලංකා එකේ අපරාධ වෙලා තියෙනවා හොයන්න ඕන. මහ බැංකුව ඊට වඩා හොයන්න ඕන. ඒක මග අරින්න මාතෘකා ටිකක් ගෙනල්ලා අරක යටපත් කරන්න හදනවා. සෝභිත හාමුදුරුවන්ගේ සිවුරේ බලෙන්. අද සෝභිත හාමුදුරුවෝ හිටියා නම් මහ බැංකු වංචාවට පෙළපාලියක් අරන් ඇවිත් සිරිකොට වට කරනවා. අරලියගහ මන්දිරය වට කරනවා,” උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here