27ක් මරපු අය නිදැල්ලේ ඉන්නේ ගෝඨාභයගේ මැර පාලනයේ බලල අත් නිසා…

1

“අඹ ගෙඩි තුනකට නඩු පවරන්න පුලුවන් ආණ්ඩුවකට 27ක් මරපු සිද්ධියකට නිහඬ වෙන්නේ ඇයි?” යැයි බන්ධනාගාර රැඳැවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සුදේශ් නන්දිමාල් රජයෙන් ප්‍රශ්ණ කර සිටිනවා.

පස් අවුරුද්දකට ඉහතදී 27 දෙනකු ඝාතනය කළ ආරක්ෂක භට කණ්ඩායමක වැලිකඩ බන්ධනාගාර ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවකුටත් එරෙහිව නඩු පවරා නැති බව පවසමින් යුක්තිය ඉටුකරන මෙන් ඉල්ලන සන්දේශයක් භාරදීම සඳහා ජනාධිපති කාර්යාලයට සංදේශයක් ලබා දිමේ අවස්ථාවට එක්වෙමින් සුදේශ් නන්දිමාල් කියා සිටියේ ආණ්ඩුව වැලිකඩ සමූහ ඝාතනයේ මිනීමරුවන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මැර පාලනයේ බලල අත් ඉහල පුටුවල හිඳීම වැලිකක ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවිමට බලපාන බවයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here