උතුරු, නැගෙනහිර රාජ්‍ය භාෂාව දෙමළ භාෂාව විය යුතුයි….විපක්ෂ නායක කියයි…

0

උතුරු නැගෙනහිර පළාත් දෙකේ රාජ්‍ය භාෂාව දෙමළ භාෂාව විය යුතු යෑයි දෙමළ ජාතික සංධානයේ නායක හා විපක්‌ෂ නායක ආර්. සම්බන්ධන් පවසයි.ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීමට එක්වෙමින් සම්බන්ධන් සදහන් කර ඇත්තේ දැනට රටේ ක්‍රියාත්මක ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළින් සිංහල හා දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව වන හෙයින් උතුරට හා නැගෙනහිරට එම අවස්ථාව් හිමිවිය යුතු බවයි.

අද වනවිට රටපුරාම ජාතික සමගිය සංහිඳියාව පිළිබඳව කතාකරන බවත් ඒ හරහා අපි සියලු දෙනාම එක හා සමානයි කියන නමුත් නමුත් රැකියා අවස්‌ථා ලබා දීමේදී දෙමළ තරුණයන්ට අසාධාරණයක්‌ වෙන බවද දෙමළ ජාතික සංධානයේ නායකයා පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් දමිල තරුණයන් ආණ්ඩුව දෙස වෛරයෙන් බැලිමට හේතුවක් වන බවද ඔහු පෙන්වා දෙනවා.

“ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළ දෙමළ හා සිංහල භාෂාවන් රාජ්‍ය භාෂාවන් ලෙස පිළිගෙන තිබෙනවා. රටේ සෙසු පළාත් හතේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස භාවිතා වන හෙයින් උතුරු නැගෙනහිර පළාතේ බහුතරයක්‌ වෙසෙන දෙමළ කතා කරන අය වෙනුවෙන් ඒ පළාත් දෙකෙහි රාජ්‍ය භාෂාව දෙමළ භාෂාව විය යුතු යෑයි මම කියනවා.”

කෙටුම්පත් කර නොමැති ව්‍යවස්‌ථාව හරහා රට බෙදන බවත් ඒ හරහා පෙඩරල් ක්‍රමයක්‌ නිර්මාණය වන බවටත් දකුණේ සිංහල ජනතාව විවිධ ප්‍රචාරයන් ගෙනියන බවත් පෙන්වාදුන් විපක්ෂ නායකයා බලය බෙදීමක්‌ අවශ්‍ය බවත් ඒය නොබෙදුණු ඒකීය රටක්‌ තුළ සිදුවිය යුතු බවත් ඔහු අවධාරණය කළා.

දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක්‌ ඉල්ලන්නේ නැති බවත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දෙමළ ජනතාවගේ ප්‍රශ්ණයට විසදුම් ලබාදෙනු ඇති බවට විශ්වාසයක්‌ තිබෙන බවද අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here