තොණ්ඩමන්ගේ නම වෙනස් කළාට කදුකරයේ උද්ඝෝෂණ

0

මධ්‍යම කඳුකරයේ පිහිටි තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හා ක්‍රීඩංගණ වල නාමය වෙනස් කිරීම සම්බන්ධව විරෝධය පළ කරමින් ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් විසින් අද (11) පෙ.ව. 10.00 ට පමණ නල්ලතන්නිය, ලක්ෂපාන තේවතුයායේදී  උද්ඝෝෂණයක් පවත්වනු ලැබූවා.

හැටන්, තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, නෝර්වූඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණය හා නුවරඑළිය රම්බොඩ ප්‍රදේශයේ පිහිටි තොණ්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානයේ දිවංගත සෞම්‍යමූර්ති තොණ්ඩමන්  නාම පුවරු මෑතකදී වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙම උද්ඝෝෂණය පැවත්වු බවත්, මුලින් තිබූ ආකාරයටම තොණ්ඩමන් නාමය සඳහන්වන පුවරු සවිකිරීම වත්මන් පාලකයින් විසින් සිදු නොකළහොත් වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ලබාදුන් දිවංගත සේම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ නාමය රැක ගැනීම සඳහා ඉදිරියේදී දිවයින පුරාම ලංකා කම්කරු කොංග්‍රසය මගින් මෙවැනි  විරෝධතා පවත්වන බව මෙම උද්ඝෝෂණයට සහභාගී වූ අඹගමුව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන ලේලෛයන් දිනේෂ් පවසා සිටියා.

මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, ක්‍රීඩාංගණය හා  සංස්කෘතික මධ්‍යස්ථානය  දැනට පාලනය කෙරෙන්නේ, පළණි දිගම්බරන් අමාත්‍යවරයාගේ නව ගම්මාන යටිතල පහසුකම් හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය මගිනි.

මෙම උද්ඝෝෂණය සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයින් ඇතුලු වතු කම්කරුවන් විශාල පිරිසක් සහභාගී වුහ.

මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here