අතුරුදහන්ව සිටි සයහැවරදි පිරිමි දරුවාගේ මළ සිරුර ඇළක තිබි හමුවෙයි

0

දිඹුල පොලිස් වසමට අයත් බෝගහවත්ත ප‍්‍රදේශයේ ඊයේ (11.11) පස්වරුෙවි සිට අතුරුදහන්ව සිටි පිරිමි දරුවෙකුගේ මළසිරුර අද (12.11)උදැසන බෝගහවත්ත තේ කර්මාන්ත ශාලාව අසලින් මහවැලි ගගට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබි හමුවු බව දිඹුල පොලිසිය පවසනවා.

මෙසේ හමුවි ඇත්තේ රාජේන්ද්‍ර කුමාර් අස්වින් නැමැති පිරිමි ළමයෙකුගේ සිරුරයි. ඊයේ (11.11) පස්වරුවේ සිට මෙම ළමයා නිවසෙන් අතුරුදහන්ව සිටි බවත් පසුව එම දරුවාගේ දෙමවිපියන් සහ ප‍්‍රදේශවාසින් එක්ව දරුවා සොයා මෙහෙයුමක් ආරමිභ කර තිබුණත් දරුවා සොයා ගැනිමට නොහැකි නිසා අද (12.11) උදැසන එම ඇළ මාර්ගය දිගේ පරික්‍ෂා කිරිමේදි දරුවාගේ සිරුර ඇළේ තිබි හමුවි තිබෙනවා.

එම දරුවා පදිංචිව සිටි නිවසට ආසන්නයේම මහවැලි ගගට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබියදි මෙම සිරුර හමුවි තිබෙනවා.

දරුවා ඇළට වැටුණු ආකාරය පිළිබදව දිඹුල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්‍ෂණ ආරමිභ කර තිබෙනවා. ඇළේ තිබි හමුවු සිරුර සමිබන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරික්‍ෂණයෙන් පසු සිරුර නුවරඑළිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව දිඹුල පොලිසිය පැවසුවා.

රංජිත් රාජපක්ෂ- හැටන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here