අයවැයෙන් දුරකතන කුළුනට ලක්ෂ 2ක බදු – ජංගම දුරකතන ගාස්තු සීග්‍රයෙන් ඉහළට!

0

දුරකථන කුලුණු සඳහා අයවැයෙන් මාසික බද්දක් පැන වීමත් සමග දුරකතන ගාස්තු විශාල ලෙස ඉහළ යන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පවසා සිටිනවා.

දුරකතන සමාගම් විසින් ඉදිකරන ලද දුරකතන කුළුණු සඳහා මසකට ලක්ෂ 2ක බදු මුදලක් අය කර ගැනීමට යෝජනා කිරීමත් සමගම අදාළ සමාගම් ම බදු මුදල පාරිභෝගිකයන් මත පටවන බවත් ඒ හේතුවෙන් දුරකතන ගාස්තු ඉහළ යන බවත් ඔහු සඳහන් කර සිටියා.

පාඩු ලබමින් ආයතන පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් නොපවතින බැවින් අනිවාර්යෙන්ම එම බදු ජනතාව මත පැටවෙන බවයි ඔහු සඳහන් කළේ.

දුරකතන සමාගම් සතුව දුරකථන කුලුණු 11192ක් රටපුරා ඉදිකර ඇති අතර මෙම යෝජනාවට අනුව මේවා සඳහා මසකට රුපියල් දෙසිය විසිතුන් කෝටි අසූහතර ලක්ෂයක (22,368,400,000) මුදලක් ගෙවීමට සිදුවන අතර ඒ අනුව වසරකට රුපියල් දෙදහස් අසුහය කෝටි අසූ ලක්ෂයක මුදලක් ගෙවීමට සිදු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here