ශ්‍රිලංනීපය කැඩුනත් නැතත් අපි යන්නේ අලියා පිටේ……..

0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මේ වන විටත් කොටස් කිහිපයකට කැඩී ඇති බවත් ශ්‍රිලංනීපය කොටස් වලට කැඩී ගියද නොගියද ලෝක ස්වභාවය අනුව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත්. පී පෙරේරා පවසනවා.

අද (12) ජාඇල වැලිගම්පිටිය ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

“මේ මැතිවරණයේ තියන විශේෂත්වය තමයි සෑම මැතිවරණ කොට්ඨාසයකටම එක අපේක්ෂකයෙන් ගානේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වෙනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්ක හවුල් එහෙම නෑ හරිද? අපේ අපේක්ෂකයා ඉදිරිපත් වෙන්නේ අලියාගෙන්. තමන්ගේ ගමේ පිරිහිච්ච මිනිහාටත්, හතර වටේ ඇවිදිලා මනාප තුන හතරක් හොයා ගන්න පුළුවන්. එය මනාප ක්‍රමයේ තිබිච්ච නරක පැත්ත. මේ ජාඇල ආසනයට මෙච්චර වැඩ කරපු අපේ ශ්‍රේෂ්ඨ නායකයා ජෝශප් මයිකල් පෙරේරා පරදිනවාද? ඒ මේ මානප ක්‍රමයේ තියන ජරාජීර්ණ ස්වභාවය නිසා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකට තුනට කැඩිලා තියෙන්නේ. මහින්ද මහත්තයාගේ කණ්ඩායම එනවා පොහොට්ටුවෙන්. මෛත්‍රි මහත්තයාගේ කණ්ඩායම එනවා අත ලකුණින්. ඒ නිසා මේ මැතිවරණය පිට ස්වාභාවිකවම බූරු වාසියක් තියනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බ්ර්දුනත් එකයි නැතත් එකයි. ලෝක ප්‍රවනතාවය අනුව අපි දිනනවා,” නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

Ajith Perera

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here