බඩගින්නේ ඉන්නා පිරිසට බිලී පිත්තක් දෙනවා කියු මුදල් ඇමති චීනයේ හා ඉන්දියාවේ ඇම ගිලලා

0

2018 නොවැම්බර් මස 08 වන තමන් ඉදිරිපත් කරන අයවැය පිළිබදව ඉගියක් පළකරන මුදල් ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ බඩගින්නේ ඉන්නා පිරිසට බිලී පිත්තක් දීම තම අදහස බව වුවත් අය වැය ඉදිරිපත් කල පසු අපට පෙනී යන්නේ මුදල් ඇමතිවරයා චීනයේ හා ඉන්දියාවේ ඇම ගිල ඇති බව යැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

2018 අයවැය පාරිභෝගිකයා ගොනාට ඇන්දවූ අයවැයක් බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

2018 අයවැය පාරිභෝගිකයා ගොනාට ඇන්දවූ අයවැයක්.

2018 නොවැම්බර් 09 දින මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය තනිකරම පාරිභෝගිකයා ගොනාට ඇන්ද වූ අයවැයක් ලෙස නම් කල හැක. ඊට හේතුව නම් කිසිදු ප්‍රායෝගික දැනුමක් නොමැති මහපොලවේ පය නොගහපු පිරිසක් විසින් එම අවවැය ලේඛණය රචනා කර තිබීමයි. බැලූ බැල්මට ඉතා රසවත් රචනාවක් ලෙස එය පෙනී ගියත් එහි රචකයන් ද අවසානයේ පඔ ගාලක පැටලී ඇති බව අපගේ අදහසයි.

අප විසින් එසේ පැවසීමට හේතු දැක්වීමක් කරන අතර අප මෙහිදී 2018 අයවැය පිළිබදව කතා කරන්නේ පාරිභෝගිකයාගේ පාර්ශවයෙන් බවද සිහිගන්වමි.

2018 නොවැම්බර් මස 08 වන තමන් ඉදිරිපත් කරන අයවැය පිළිබදව ඉගියක් පළකරන මුදල් ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ බඩගින්නේ ඉන්නා පිරිසට බිලී පිත්තක් දීම තම අදහස බවයි. එහෙත් අය වැය ඉදිරිපත් කල පසු අපට පෙනී යන්නේ මුදල් ඇමතිවරයා චීනයේ හා ඉන්දියාවේ ඇම ගිල ඇති බවයි. 2018 අයවැය පිළිබදව දහසක් බලාපොරොත්තු තබාගත් පාරිභෝගිකයින් වන සැම එම සුන්වූ බලාපොරොත්තු සමග තවදුරටත් ජීවත්වීමට සිදුව ඇත.

අයවැය යෝජනා

16 හරිත ප්‍රතිපත්තිය මාකටින් කිරීම පරස්පරය වන අතර එයින් රජයේ දවල් මිගෙල් රෑ දනියෙල් ප්‍රතිපත්තිය මනාව පිළිබූමු වේ

මෙම විදුලි කාර් වල බැටරිය නැවත ආරෝපණය කරන්නේ ඩීසල් හා ගල් අගුරැ බලාගාර වලින් ලබා දෙන විදුලි බලයෙනි. පරිසර හිතකාමී බලාගාර සෑදීම සදහා කිසිදු වැඩ පිළිවෙළක් නොමැති රටක විදුලි කාර් ප්‍රවර්ධනය කල පමණින් පරිසර හිතකාමී හා පරිසරයට ආදරේ කරන රජයක් යැයි පැවසීය විහිලුවකි.

කෙරවලපිටියේ තාප බලාගාරය වසර තුනකින් ස්භාවික ගෑස් බලාගාරයක් සදහා පරිවර්තනය කලවුවද අදාල සමාගම එසේ නොකර තිබියදී නැවතත් කෙළවර පිටියේ යෝජිත ස්භාවික ගෑස් බලාගාරයක් ඉදි කිරීමට එම සමාගමට ලබා දුන්නේ ඇයි ද? හා ස්භාවික ගෑස් බලාගාර ඉදිකිරීමට මෙම රජය කියා නොකරන්නේ ඇයිද? යන්න අප අසන අතර Energy World International සමාගම සදහා ස්භාවික ගෑස් බලාගිරයක් ඉදිකිරීම සදහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබියදී එම බලාගාරය ඉදිකිරීම සදහා රජය අවශ්‍ය කටයුතු නොකරන්නේ ඇයිද? යන්න හා එහිදී රජයේ හරිත ප්‍රතිපත්තිය ඇත්තේ කොහෙද? යන්නද? අපි ප්‍රශ්ණ කරමු.

විදුලි කාර් සූරිය බලයෙන් ආරෝපණය කිරීම සදහා ආරෝපණ මධ්‍යස්ථාන පිහිටුවීමට වෙන්කරන ලද මුදල මුදල රැපියල් මිලියන 5300 කි එම ගින් විදුලි ආරෝපණ මධ්‍යස්ථාන කීයක් පිහිටුවිය හැකිද?

17 විදුලි කාර් සදහා බදු අඩු කිරීම අමූලික බොරැවක් වන අතර එහි කිසිදු පදනමක් නොමැත.

ලියාපදිංචි නොකළ වාහන යන්න සදහන් කිරීම වැරදිවන අතර එය ඉංගීසි සටහනෙහි දක්වා ඇත්තේ බෑන්ඩ් නිව් ලෙසය. මෙරටට ආනයනය කරන ලද සෑම වාහනයක්ම ලියා පදිංචි නොකල ඒවාය. ඇත්තේ බෑන්ඩ් නිව් එනම් භාවිතා නොකල වාහන හා රීකන්ඩිෂන් එනම් රටවල භාවිතා කල වාහනය.

මෙහි හාස්‍යජනක බව නම් බෑන්ඩ් නිව් වාහනයක හා රීකන්ඩිෂන් වාහනයක බදු ප්‍රතිශතයේ වෙනස 100% කි. විශේෂයෙන්ම ලංකාවට වැඩිපුරම ආනයනය කරන්නේ 50 KW <x< 100 Kw විදුලි කාර් රථ වන අතර ඒවා රීකන්ඩිෂන් වාහන වේ. බෑන්ඩ් නිව් වාහන ආනයනය කරන්නේ නැති තරම්ය.

විශේෂයෙන්ම චීනය හා ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන විදුලි වාහන රීකන්ඩිෂන් වන අතර ජපානයෙන් ආනයනය කරන වාහන බෑන්ඩ් නිව් වාහනය.

2018 වසරේදී ඉන්දියාවෙන් බෑන්ඩ් නිව් විදුලි කාර් ආනයනය කිරීමට මෙරට සමාගමක් කටයුතු කිරීම නිසා මෙසේ රීකන්ඩිෂන් වාහන බදු අඩු කර ඇතැයි යන සැකය අප තුළ පැනනගී.

අනෙක් අතට බෑන්ඩ් නිව් විදුලි කාර් රථයක් මිලදී ගැනීමේදී විශාල මුදලක් වෙනත් රටකට ගෙවීමට සිදුවන අතර රීකන්ඩිෂන් වාහනයක් ආනයනය කිරීමේදී ගෙවිය යුතු මුදල අඩුව තිබියදී මුදල් ඇමතිවරයා රීකන්ඩිෂන් වාහන ආනයනය ප්‍රවර්ධනය කරන්නේ මන්ද?

සිංහල පිටපතෙහි මෙම බදු මුදල නිෂ්පාදන බදු ලෙස හදුන්වා තිබෙන අතර ඉංගීසි පිටපතෙහි ඇත්තේ එය Excise බදු ලෙසය.

129 – යහපාලන රජයේ මතට තිත ප්‍රතිපත්තියට පයින් ගසමින් දේශපාලකයින්ගේ හෙංචයියලාට සුරාබදු බලපත් ලබා දීම සදහා කල යෝජනාවක් වන අතර සමස්ත මහජනතාව මෙම යෝජනාවට විරැද්ධවිය යුතුය.

283- බී ලූණු අර්තාපල් පරිප්පු කරවල හාල් මැස්සන් සහ එළවලුතෙල් ආනයන බදු අඩු කිරීම.

2018 අයවැය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ පිළිබදව ඇති එකම යෝජනාව මෙය වන අතර එම භාණ්ඩ සදහා ආනයන බදු අඩු කල පමණින් විකිණිය යුතු මිල තීරණය කරන්නේ කවුද? ආනයන කරැවන්ට පමණක් ඉන් ලාභ ලැබිය හැකි නමුත් පාරිභෝගිකයාට ඉන් ලැබෙන වාසිය කුමක් ද යන්න අප ප්‍රශ්ණ කරමු. නැතහොත් එම භාණ්ඩ විකිණිය යුතු උපරිම මිල කීයද? එම මිලට භාණ්ඩ අලෙවි නොකරන වෙළදුන්ට දඩුවම් දෙන්නේ කුමන් නීතිය යටතේදැයි අප මුදල් ඇමතිවරයාගෙන් අසමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here