නීල හොරු හරිත ඇමතිවරුන්ගේ ගෙවල් වල – අයවැය පළමු කියවීම IMF එකට

1

මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා තම නීල හරිත අයවැය පාර්ලිමේන්තුවට නොවැම්බර් ම්ස 9 වෙනිඩ් ඉන් ඉදිරිපත් කෙරුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඔක්තෝබර් මස 16 වෙනි දින ඉදිරිපත් කොට ඇති බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක චෝදනා කරනවා.

පාර්ලිමේන්තුවේදි අද (13) අයවැය දෙවනවර කියැවීමේ විවාදයට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

හිල්ටන්  හෝටලයේ රජයේ කොටස්, මත්ත්ල ගුවන් තොටුපොළ අනිවාර්යයෙන්ම විකුණනු බව පැහැදිළි වුවත් එම පුද්ගලිකරණ ආදායම් අයවැය ලේඛනය තුළ පැහැදිලිව දක්නට නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.

“ඒ කියන්නේ කරන පොත වෙනම තියනවා, දාපු පොත මේක තමයි,” මන්ත්‍රිවරයා සඳහන් කර සිටියා.

එසේම මංගල ඇමතිතුමාගේ නීල හරිත අයවැය මෙන්ම ජනාධිපතිවරයාට අනුව නීල හොරු මේ වන විට හරිත ඇමතිවරුන්ගේ නිවෙස් වල සිටින බවත් රත්නායක මන්ත්‍රිවරයා සඳහන් කර සිටියා.

Bimal Rathnayake

1 COMMENT

  1. ජෙප්පො පච කෙලල $ වලට රනිල්/සිරිසේනට කඩේ ගිහින් "යහපාලනය" කොරන්න කියල බලය අරන් දිල දැන් බය්ල කියනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here