උතුරේ අන්තවාදීන් දකුණේ අන්තවාදීන් එකට සෙට් වෙලා… මංගලගේ බියර් සහනයට රාජිත කනස්සල්ලෙන්

3

උතුරේ අන්තවාදීන්ට මෙන්ම දකුණේ අන්තවාදින්ට ද අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් පැනවීමේ ක්‍රියාවලිය අඩාල කිරීමට බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

කොළඹ නව නගර ශාලාවේ දී අද (13) පැවති නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් අමාතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“අද මේ ගේන ව්‍යවස්ථාවට උතුරේ විග්නේෂ්වරන් ඇතුළු අන්තවාදින් විරුද්ධයි. සිවාජිලිංගම් විරුද්ධයි. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ලා විරුද්ධයි. ඒ ගොල්ලෝ ඉන්නේ දෙමළ ඩයස්පෝරාවත් එක්ක ජාත්‍යන්තරයේ. ඩොලර් එනවා ඒ ගොල්ලන්ට. මේ පළාතෙත් ඉන්නේ ඒ වගේම අන්තවාදින්. ඒ සිංහල බෞද්ධ අන්තවාදියෝ එක්කහු වෙලා අර වැඩේම මේ පැත්තෙනුත් සිද්ධ කරනවා. දෙගොල්ලටම ඕන ව්‍යවස්ථාව නවත්වන්න,”අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර අයවැය මගින් බියර් මිල අදු කිරීමට තමා සම්පූර්ණයෙන් විරුද්ධ බව අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදි සඳහන් කර සිටියා. රටේ ජනගහනයෙන් 40% පමණ හොර මත්පැන් පානය කරනවා යනුවෙන් මුදල් අමාත්‍යවරයා වැරදි සංඛ්‍යාලේඛන ලැබී ඇති බවත් සැබවින්ම 29% ජනතාවක් මත්පැන් පානය නොකරන බවත් අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නා.

3 COMMENTS

  1. හම්බ මනාප වලට කෑදර කමට හම්බ අන්තවාදින්ට කඩේ යන රාජිතය කියන කතා වලට මට පුකෙනුත් හිනා යනව ඔිය්.

  2. Worқing as a freelance paralegal has factoгs in its favor, and components which can bbe negative to sone peoρle.

    If a way of adventure and ppleasure in your work life іs what wߋuld go well with youu tһe best,

    freelancing could be an awesome option forr you!

Comments are closed.