සෙවනගල දායාට දෙනවාට ශ්‍රිලනිපය විරුද්ධයි…

1

සීමාසහිත සෙවනගල සීනී කර්මාන්ත ශාලාව නැවත තනි පුද්ගලයෙකුට පවරා දෙනවාට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම විරුද්ධ බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ රජය සතු ආයතන තනි පුද්ගලයෙකුට පවරා දීමට නොහැකි බවයි.

“ඒක කිසිසේත්ම එකඟ වෙන්න පුළුවන් කමක් නෑ. අපි වෙච්ච වැරදි තියන ඒවා වෙන ක්‍රමයකට නිවැරදි කර ගනිමු. හැබැයි රජය සතුව තියන සෙවනගල සීනි සමාගම වෙන්න පුලුවන්, වෙනත් සමාගමක් වෙන්න පුළුවන් එහෙම එක පුද්ගලයෙකුට දෙන්න පුළුවන්කමක් නෑ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු විදියට ඒ වගේ ආයතනයක් ලබා දෙන එකට අපිට එකඟ වෙන්න පුළුවන්කමක් නෑ,”අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මේ අතර සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමය ඊයේ (13) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ අදාළ කර්මාන්ත ශාලාව දයා ගමගේ වෙත පවරා දීමට විරුද්ධ බවයි.

“මේ රජය යටතේ තියන කාලයේ උක් මෙට්‍රික් ටො දෙලක්ෂ පනස්දාහ ලක්ෂ තුන දක්වා වැඩි වෙලා තිබුණේ. අවසානයේ දයා ගමගේ කාලය තුළ සීනි නිෂ්පාදනයට නෙමෙයි මුල්තැන දුන්නේ ස්ප්‍රීතු නිෂ්පාදනයට. ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරනවා සෙවනගල සීනී සමාගමට දයා ගමගේ එන්න සූදානම් වුනොත් මේ ගේට්ටුව ගාවට එන්න ඉඩ නොදෙන බවත් විශේෂයෙන්ම මතක් කරනවා,” එම සංගමයේ සමාජික ගාමිණි වියන්ගොඩ ප්‍රකාශ කළා.

2011 අංක 43 දරණ ඌණ ක්‍රියාකාරි ව්‍යවසායන් හෝ ඌණ උපයෝජිත වත්කම් පුනරුදයි කිරීමේ පනත යටතේ මහින්ද රාජපක්ෂ රජය විසින් සෙවනගල සීනි සමාගම රජයට පවරා ගත් අතර 2018 සඳහා වන අයවැය යෝජනා මගින් අමාත්‍ය මංගල සමරවීර එම පනත අහෝසි කරනු ලැබූවා.

1 COMMENT

  1. අමරය බොරැවට විරැද්ධය් කිව්වට සෙවනගල දයා ගමගේට දුන්නට අපි විරැද්ද නැහැ. අපි විරුද්ධ අැග්‍රිමන්ට් එකේ හැටියට සෙවනගල සීනි හැදුවෙ නැතුව දයා ගෙ කොම්පැනිය අරක්කු පෙරන මොලෑසස් හැදුවටය්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here