රනිල් වික්‍රමසිංහට විධායක අගමැති වෙන්න දෙන්නේ නෑ…..!

0

නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලෛයේදි කරනු ලැබූ ලොකුම වරැද්ද වන්නේ අනාගමෛක රාජ්‍ය සංකල්පය මෙතරම් දුර ගෙන ඒම බවත්, විධායක අගමැතිධූරය හදුන්වා දීම පිස්සුවක් බවත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා.

ඊයේ (13) නව නගර ශාලාවේ පැවති ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි’ සම්මන්ත්‍රණට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“මේ රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕනෑ. කෑලි නෙමෙයි. 20 වෙනි සංශෝධනය නෙමෙයි. මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේදි අනවශ්‍ය ලෙඩක් දාගත්තා. ඒ දාගත්ත ලෙඩේ තමයි මේ අනාගමික රාජ්‍ය කියන සංකල්පය මෙච්චර දුර අරන් එන එක. විධායක අගමැතිධූරය ගැන කතාව පිස්සු කතාවක්. මගේ පක්ෂේ නායකයා රනිල් වික්‍රමසිංහට විධායක අගමැති වෙන්න දෙන්නේ නෑ. මොකද එහෙම ක්‍රමයක් මේ ලෝකේ නෑ.”

“දූෂණයට එරෙහිව ආණ්ඩුවේ තියන කැපවීම අපි පෙන්නුම් කරලා නැතුවා විතරක් නෙමෙයි. අපේ ආණ්ඩුව ආවට පස්සෙත් හොරකම් තක්කඩිකම් මැරකම් වෙන්න අපි ඉඩ තියලා තියනවා. මේ ප්‍රශ්න වලට අපි උත්තර දුන්නේ නැත්නම් උනුත් එකයි මුනුත් එකයි කියලා, ඔය ජනමත විචාරණය කියන බරපතළ ප්‍රශ්නය මිනිස්සුන්ට ආවාම අපිට මූණ දෙන්න බැරි වෙනවා,” නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

Ajith Perera

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here