ශ්‍රි ලාංකික ළමයින් සෞදියේ වහල් සේවයට යොදවනවා – සෞදි රජකුමරිය අනාවරණය කරයි

0

ශ්‍රි ලංකාව, රුමේනියාව, බල්ගේරියාව, බංගලාදේශය, පීලිපීනය ඇතුළු රටවල් රැසක දරුවන් සෞදියට ගෙනවුත් ලිංගික වහලුන් ලෙස සේවය කිරීමට කුලියට ලබා දෙන බව සවුදි රජ කුමරිය අමිරා බින්ට් අයිඩන් බින් නයෙෆ් (Amira Bint Aidan Bin Nayef) අනාවරණය කොට තිබෙනවා.

පසුගිය ඉරිදා ප්‍රංශ පුවත්පතක් වන Le Monde වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් රජ කුමරිය මේ බව ප්‍රකාශ කර ඇති බව ඩකා ට්‍රිබුයුන් (Dhaka Tribune) පෙන්වා දෙන්නේ.

සෞදියේ වහල් සේවය විවිධාකාර ලෙස පවතින නමුත් එය ඉතා රහසිගත බවත් එය සෞදියේ ඉහළ පැලැන්තියේ කුමාරවරුන්ට හිමිවන ප්‍රධාන වරප්‍රසාදයක් බවත් කුමරිය මෙහිදි සඳහන් කොට තිබෙනවා.

එසේම ඇය පවසන පරිදි යම් ළමයෙකු මිලදි ගත් තැනැත්තාගේ දේපලක් බවට අදාළ දරුවා පත් වන බවත් තම ස්වාමියාගේ අවසරයකින් තොරව පිටවී යාමට ඔහුට අවස්ථාව හිමි නොවේ.

වයින් සහිත, ඩීජේ සංගීතයට විසිතුරු ඇදුමෙන් සැරසි යුවලවල් වලට නර්තනයේ යෙදිය හැකි ගණයේ රාත්‍රි සමාජ ශාලා රාජධානියෙන් පිටත බහුලව ඇති බවත් ඇය පවසා සිටියා.

එමෙන්ම රැකියාව සඳහා සෞදියට පැමිණෙන ආසියාතික කාන්තාවන් බොහෝ විට මෙලෙස වහල්භාවයට පත් ව ඇති ආකාරය සොයා ගත හැකි බවත් සුදු හමක් සහිත කාන්තාවන් වෙළඳාම හා විවිධ ලිංගික පුහුණුවීම් සඳහා යොදා ගැනිම බහුලව සිදු වන බවත් ඇය සඳහන් කර සිටියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here