සෙනගින් ඡන්දය තීරණය කරන්න බෑ – ඉදිරියට මුහුණ දෙන්න ශ්‍රිලංනීපය තියෙන්න ඕන

1

පසුගියදා අනුරාධපර ඒකාබද්ධ විපක්ෂ රැස්වීමට sසහභාගි උ පිරිසට වඩා වැඩි පිරිසක් ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂ වටා එකතු වූවද ඔහු මැතිවරණය පරාද වූ බවත් රැස්වීමට සහභාගි වන පිරිසෙන දේශපාලනය තීරණය කළ නොහැකි බවත් ක්‍රිඩා අමාත්‍ය දාසිරි ජයසේකර පවසනවා.

ඊයේ (13) කුරුණෑගල පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“සමහර කට්ටිය එකට එකතු වෙලා වැඩ කරන්න කැමතියි. සමහර අය වෙනම වැඩ කරන්න කැමතියි. අපි බලමු ඉස්සරහට බ්ලමු ඉතින් තව කාලයක් තියනවානේ. ජනවාරි වෙනකම් මේ ඡන්දය තීරණාත්මකයි.”

එහිදි මාධ්‍යවේදීන් විමසා සිටියේ මහින්ද රාජපක්ෂ සමග එකතු වී වැඩ කිරීමට කැමැත්තක් දක්වනවාද යන්නයි.

“නෑ අපි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විදියට වැඩ කටයුතු කරන්නේ. මහින්ද මහත්තයාත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නම් එතුමා ඒක ඡන්දෙදි ඔප්පු කරයි නේ.”

කොහොමද අහින්ද මහත්තයාගේ සෙනඟ. සතුටුයිද ඒ ගැන?

“ඔව් සෙනග හිටියා හැමදාම. ජනාධිපතිවරණයේදිත් විශාල සෙනගක් හිටියා. ඔයිට වැඩිය දැවැන්ත සෙනගක්හිටියා. පරාදයිනේ. ඒනිසා සෙනගින් ඡන්දය තීරණය කරන්න බැහැ. තීරණය කරන්න තියෙන්නේ ජනතාවගේ ඡන්ද බලයෙන් ඒ නිසා අපි බලමු කතාකරලා. අපි කැමැතියි පක්ෂ දෙකම කැඩිලා බිදිලා විනාශ වෙලා යන්නේ නැතුව එකට එකතු වෙලා යන්න. පක්ෂයක් තියෙන්න ඕන ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විදියට ඉදිරි අනාගතයට මුහුණදෙන්න . ඒ නිසා අපි ඒකට වැඩ කරනවා මිසක අපි සූදානම් නෑ පක්ෂය දෙකට කඩා ගෙන ගිහිල්ලා පොහොට්ටු හදාගෙන යූඑපීයට බලය දෙන්න”

Dayasiri Jayasekara

1 COMMENT

  1. යූඑන්පී අැමති කටු සූප්පු කරන උඹලගෙ මූනූ අද වෙන කොට සමස්තයක් වශයෙන් ජනතාවට ඉතාම අප්‍රියය්. මීටින් වලට එන මිනිස්සුය් මහින්ද මහත්තයට චන්දෙ දමන්නෙ. හම්බ සහ දෙමළ චන්ද පලාත් පාලන චන්දෙදි සිරා ට ලැබෙන්නෙ නැහැ. ඒ නිසා බය්ල කතා නොකිය ගමේ අැවිදල කියල බලපන් සිරිසේනගෙ ශ්‍රිලංකා එකට අද කි දෙනෙක් ඉන්නවද කියල. අාප්පය ගෙ පක්‍ෂෙ හතර වෙනි තැන තමය්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here