විධායක ජනාධිපතිවරයෙක් වෙනුවට විධායක අගමැතිවරයෙක් ගේන්නයි හදන්නේ

0

විධායක ජනාධිපතිධූරය වෙනුවට විධායක අගමැතිධූරයක් නිර්මාණය කිරීමට ආණ්ඩුව නව ව්‍යවස්ථාව මගින් උත්සහ ගනිමින් සිටින බව පෙරටුගාමි සමාජවාදී පෙරමුණු අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පවසා සිටිනවා.

එම පෙරමුණ විසින් ඉලමහ විරුවන් සැමරීම වෙනුවෙන් සංවිධානය කර තිබු උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

“දැන් සටන තිබුණේ කොතනද 80 දශකය වෙනකොට. විධායක ජනාධිපති ක්‍රමය ගෙනල්ලා තනි පුද්ගලයෙකුට සම්පූර්ණ බලය දෙනවාට විරුද්ධ ව තමයි අරගලය කරන්න තිබුණේ. අද මොකද තත්ත්වය. ඒ අරගලය කරලා ගෙඉ ගිය අවුරුදු 28 පුරාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන සටන් පාඨය සෑම මැතිවරණ වේදිකාවකම කතා කළා. 1994න් පස්සේ ආව හැම ජනාධිපතිවරණයකම දිනපු හැම අපේක්ෂකයෙක් ම බලයට ආවේ විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවා කියලා. සමහර පැරදුණු අපේක්ෂකයොත් ඒ පොරොන්දුව තමයි දීලා තිබුණේ. විධායක ජනාධිපතිධූරය අහෝසි වෙන්නේ නෑ. විධායක ජනාධිපතිධූරයේ නම විතරක් වෙනස් කරලා විධායක අගමැති කෙනෙක් ගේන්න වගන්න්ති ටිකක් දාලා තියනවා අලුත් ව්‍යවස්ථාවේ. විධායක ජනාධිපති කියන නමින් නෙමෙයි අර සර්ව බල්ධාරි පුද්ගලයා ඉන්නේ. අර කියන විධායක අගමැති නමින්. ඒක තමයි කරලා තියන වෙනස. හැබැයි ඒ වෙනසවත් නොකෙරෙන තත්ත්වයක් ඇති වෙලා තියනවා. මොකද ආණ්ඩුවේ ඉන්න ශ්‍රි ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි දැඩි මතභේදාත්මක මතයක ඉන්නවා ඒ ගැන.” ඔහු සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here