හර්ෂට ආචාර්ය උපාධිය තිබුණට වැඩක් නෑ, එයා කටමැත දොඩවනවා – මාරපන ගියානම් මොනවා හරි වෙයි

1

හෙට (15) දිනයේදි ජිනිවා නුවරදි පැවැත්වීමට නියමිතව ඇති විශ්ව කාලාන්තර නිරීක්ෂණ සැසියේදි ලංකාව මානවහිමිකම් ආරක්ෂා නොකරන රාජ්‍යයක් බවට පවසමින් පවා දීමට රජයේ සූදානමක් ඇති බව ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරනවා.

එම සංවිධානය විසින් අද (14) කොළඹ දි කැදවා තිබු මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් එහි නියෝජිතයෝ පවසා සිටියේ විදේශ කටයුතු අමාත්‍යවරයා වෙනුවට නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සහභාගි වීම තුළ එම තත්ත්වය ඇති වීමට බොහෝ ඉඩ කඩ පවතින බවයි.

“එම කණ්ඩායමට ඇතුලත් විය යුත්තේ විදේශ කටයුතු ඇමතිතුමා මාරපන මහත්තයා, නැත්නම් අඩුම තරමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහත්මයා. ඒ කවුරුවත් නෙමෙයි යන්නේ හර්ෂ ද සිල්වා. දැන් පහුගිය දවස් වල අර නේස්බි සාමිවරයා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවේදි කිව්වා මේ ලංකාවට කරන චෝදනා පදනම් විරහිතය. මේ හර්ෂ ද සිල්වා කිව්වාම මේක මතු කරන්න කියලා. හර්ෂ ද සිල්වා කියලා තියනවා මේක වැඩක් නෑ කියලා. මට නම් පෙනෙන්නේ මේ රට බෙදන්න ඕනවට අපිටත් ඕන වෙලා තියනවා මේ චෝදනාව ලෝකයාට පෙන්වන්න,” එම සංවිධානයේ සම කැඳවුම්කරු ගුණදාස අමරසේකර ප්‍රකාශ කළ සිටියා.

එහිදි අදහස් දැක්වූ බෙංගමුවේ නාලක හිමියන් ප්‍රකාශ කර සිටියේ, “හර්ෂ ද සිල්වාට ආචාර්‍ය උපාධියක් තියන එක ඇත්ත. නමුත් අපිට තේරෙන්නේ එයා කතා කරන විදියෙන් වැඩ කරන විදියෙන් කටමැත දොඩවන මනුස්සයෙක් කියලා. එයා නැතුව මාරපන මහත්තයා ගියානම් අපේ රට වෙනුවෙන් යමක් ජිනීවා වලදි කියන්න හොදටම ඉඩ තිබුණා. සත්‍ය අහන්න අපේ ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නැති බවයි පෙනෙන්නේ.”

1 COMMENT

  1. උපාධි හෝ අාචාරි උපාධි තිබ්බ පලියටම මිනිහෙක් දේශප්‍රේමියෙක් වත් වැඩ කාරයෙක් වත් වෙන්නෙ නැහැ. ඔීනවට වඩා කට මෑත දොඩවන කිහිප දෙනාටය් වැඩක් කොරන්න පුලුවන් හැකියාවක් අැතිවෙන්නෙ. දැන් බලන්න: ප්‍රේමදාසට උපාධි නැහැ. නමුත් වැඩ කාරයා. රනිල්ට ඉන්ගිරිසිත් පුලුවන් උපාධියකුත් තියනවා. නමුත් වැඩ බැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here