ලගදි ඉදලා යුඑන්පීකාරයෝ ජනාධිපතිට කරන අවලාද,හතුරුකම් ගැන අපි අවධානයෙන්…UNP කාරයන්ට වලිගේ නැති බල්ලා වගේ වෙන්න එපාලු

0

එක්සත් ජාතික පක්ෂයේ සිටිනා සමහරු ජනතාවවරයා වෙත කෙරෙන් අවලාද, උඩින් හා යටින් කර්න හතුරුකම් පිළිබදව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අවධානයෙන් සිටිනා බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.

බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

“ලගදි ඉදලා යුඑන්පීකාරයෝ අපේ ජනාධිපතිතුමාට එක එක කතා කියන්න පටන් අරන් තියෙනවා. ආණ්ඩුව ඇතුලෙන් කොහොමටත් අපි කුඩම්මාගේ සැළකිලි ලබ ලබ ඉන්නේ නෑ. අපි උන්ගේ වලිගේ නෙමෙයි. හැබැයි සතෙක්ට උනත් වලිගේ නැත්නම් ඌට හරියට කතා කරන්නවත් බෑනේ. කෑම දුන්නත් ඌට හරියට ස්තුතියි කියන්නවත් බෑ. ඒනිසා යූඑන්පීකාරයොන්ට අපි කියනවා වලිගේ නැති බල්ලා වගේ වෙන්න එපා කියලා.”

“එක්සත් ජාතික පක්ෂය අපේ ජනාධිපතිතුමාට කරන යම් යම් අවලාද, උඩින් යටින් කරන හතුරුකම් ගැන අපි අවධානයෙන් ඉන්නේ. ජනතාවගේ ඡන්දයෙන් පත්වෙච්ච ජනාධිපතිතුමාට…..අපි ඡන්දේ දුන්නේ නෑ ඒක වෙනම එකක්. ඒවුනාට ජනාධිපතිතුමාට ඡන්දේ දුන්නේ උන්. එහෙම කියලා එක්සත් ජාතික පක්ෂේ උන් අපේ ජනාධිපතිට චෝදනා කරනවා නම් දිගටම අපි පවුරක් වගේ හැදිලා ජනාධිපතිතුමාට ආරක්ෂා කර ගන්නවා කියන එක එක්සත් ජාතික පක්ෂේ ඔය දඟලන උන්ට අපි කියන්න ඕන. සම්මුතිවාදි ආණ්ඩුවේ ඉන්නවා කියලා අපේ ජනාධිපතිතුමාට අවමන් කරන්න, අවලාද කියන්න ඉඩ දෙන්න බෑ. යූඑන්පී කාරයන්ට ඡන්දෙට දාන්න එකෙක් හිටියේ නෑ. උන්ට තනියම දිනන්න බැරි හින්දා පොදු අපේක්ෂකයාගේ ලේබලය අලවාගෙන තමයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයාව දාගත්තේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට උඩින් කාක්කන්ට පියාසර කරන්න පුළුවන්. එතුමාගේ ඔලුව උඩ ඕන නම් කූඩු හදන්නත් පුළුවන්. හැබැයි මෛත්‍රිපාල සිරිසේනගේ ඔලුව උඩ කූඩු හදලා අසූචි දාන්න ආවොත් අපි නිකම් ඉන්නේ නෑ,” රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here