“කාටවත් විශේෂ ලයිසන් එකක් නෑ…..ආණ්ඩුවට බලය දීලා තියෙන්නේ හොරකම් කරන්න මිනිස්සු රවට්ටන්න,මරන්න නොවේ..

1

මේ ආණ්ඩුවට බලය දීලා තියෙන්නේ හොරකම් කරන්න මිනිස්සු රවට්ටන්න, මිනිස්සු මරන්න නොවන බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ පවසයි.කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම්ගේ මූලිකත්වයෙන් ඉදිකල නිවාස ජනතා අයිතියට පැවරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරිය සදහන් කළේ

“කාටවත් විශේෂ ලයිසන් එකක් නෑ. අධිකරණ ඇමති හැටියට මගේ වගකීම තමයි මේ රටේ නීතිය හැමකෙනෙක්ටම සමානව ක්‍රියාත්මක කිරීම. අපි ඒ දේවල් හරියට කරනවා. මේ රටේ සිව් කොණම එකම රජයක් යටතේ තියෙන්නේ” යනුවෙනි…

“අපි මුදලට යටවෙලා අහිංසක මිනිස්සු පාගගෙන හිටිය යුගය අවසන් වෙලා තියෙනවා. ඒක සිංහලද, ද්‍රවිඩද, මුස්ලිම්ද කියලා නෑ. පහුගිය කාලේ රත්නපුරේ වතුවල තිබුණ තත්ත්වය කවුරුත් දන්නවා. හිතුන හිතුන විදිහට තමන්ගේ බූදලය වගේ ඉඩම් ටික ඇල්ලූවා. වතු සමාගම් ආරක්ෂා කරන්න ඕනි. වැවිලි කර්මාන්තය දියුණු කරන්න ඕනි. හෙට අනිද්දට වසර 200ක් වෙනවා. බ්‍රිතාන්‍යය යුගයේ මේ රටේ ඇතිකරපු මේ වගාවලින් ඔවුන් ලාභයක් ගත්තා. නමුත් වසර 200ක් මේ රටට ලොකු ආදායමක් ලැබුනේ ඒ වගාවලින් තමයි. මේ රටේ කුඩා තේ වතු හිමියෝ ලක්ෂ 5ක් ඉන්නවා. අපි දකිනවා අද තේ කර්මාන්තයේ වෙනසක්. මේවායින් ආදායම් එන්න ඕනි. අද ලංකාවට වැඩිම ආදායමක් ගේන්නේ මගේ විදේශ රැකියා අමාත්‍යංශය. අහිංසක මිනිස්සු බොහොම සොච්චම් පඩියකට අරාබිකරයේ ගිහින් දුක් විඳිනවා.”

“වර්තමානයේ දේශපාලඥයින් එකතුවෙලා ජනතාව අතර හොඳ සහයෝගයක් ඇතිකරනවා. සිංහල බෞද්ධ, වතුකරයේ ද්‍රවිඩ ජනතාව අතර. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ද්‍රවිඩ නිළධාරීන් බඳවා ගන්න අවශ්‍ය වුණාම මම ඒ අවස්ථාව උතුරු ප්‍රදේශයෙන් බඳවා ගන්න විපක්ෂ නායකතුමාට අවස්ථාව දුන්නා. අපි අද මුළු රටම එක කොටසක් හැටියට වැඩකරන්නේ. අපිටත් ඕනිනම් පුළුවන් මේ රට ඛෙදන්න. පහුගිය කාලේ ජාතීන් හැටියට විතරක් නෙවෙයි, අඩු ආදායම් ලාභීන් හැටියට ලබාදෙන්න තියෙන සමෘද්ධි සහනාධාරය ලබාදුන්නෙත් දේශපාලනය බලලා. වතුකරයෙත් ඒ තත්ත්වය හොඳින්ම තිබුණා. වතුකරයේ ජනතාව තලා පෙළමින්, බයකරමින් තිබුණ යුගයක් තමයි අපි පහුකළේ. අද වතුකරයේ ජනතාව බොහොම නිදහසේ ජීවත්වෙනවා. එහෙම වෙනකොට ඕනි කුකුළෙකුට ඇවිත් මෙහේ හ`ඩලන්න පුළුවන්. ඒ කාලේ ඒ අය වෘත්තිය සමිතියට එකතු කරපු සාමාජික මුදල්වලින් සැපගත්ත විදිහ අපි දන්නවා. පාරවල් ඕනිම ආණ්ඩුවක් හදන්න ඕනි. නමුත් මේ රජය ඒක වෙනස් කළා. පාරවල් හදලා කොමිස් ගන්න ආණ්ඩුවක් නෙවෙයි මේක. සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහත්තයා පුළුවන් තරම් අහිංසක මිනිස්සු වෙනුවෙන් පෙනී හිටියා. එතුමගෙ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නැති එතුමගේ පක්ෂයේ තරුණ පිරිස් සාමාජික මුදලින් සැපගන්න විදිහ විතරයි කල්පනා කළේ.”

1 COMMENT

  1. I am curiouus to find outt what blog platform you’re

    working with? I’m experiencing some minor security issues with my latest blog and I’d like to finbd something more safeguarded.

    Do you have any suggestions?

    mata kuliah statistik pendidikan

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here