තේ, රබර්, පොල් ආදායම සබීතගේ ගොඩනැගිල්ලේ අවුරුද්දක කුළිය…..ඕං…….අයවැය

0

අවුරුදු 40ක් වයසැති විවෘත ආර්ථිකය නමැති කාන්තාවට තොල් සායම් ආලේප කොට හැඩ ඇඩ කිරිමේ කාර්යය මුදල් අමාත්‍ය මන්ගල සමරවීර විසින් සිදු කරමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස පවසනවා.

මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (14) පාර්ලිමේන්තුවේ පැවති අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමිණි.

“මේ විවෘත ආර්ථිකය කියන්නේ අවුරුදු 40 ක කාන්තාවක්. මේ කාන්තාව ඇය ශාරීරිකව මානසිකව රෝගියි. ඇය මන්ද පෝෂණයෙන් පෙළෙනවා. ඒ අවුරුදු 40 තුළ විවිධ ආණ්ඩු ඇවිල්ලා කෙනෙක් ඇවිල්ලා කියනවා ගවුම නිකම් බටහිර පන්නයට බරයි ඒනිසා අන්දලා බලමු මෙයාට ළමා සාරියක් කියලා. මංගල සමරවීර ඇමතිතුමා ගවුම් සාරි අන්දන එක පැත්තක තියලා වෙන වෙන රූපලාවණ්‍ය කටයුතු කරනවා. තොල් පාට කරනවා. මේවායෙන් බලනවා මේකට මොනවහරි ආලෝකයක් දෙන්න පුළුවන්ද කියලා.”

“කෘෂිකාර්ම අමාත්‍යාංශයේ බිල්ඩින් එක තියනවානේ දැන් මේ අපි යනකොට හම්බවෙන මාසකෙට කුලිය ගෙවනවානේ මාසෙට ලක්ෂ 243 හෙවත් දළ වශයෙන් රුපියල් මිලියන 25ක්. දැන් බලන්නකෝ මේ අයවැයේදි ජනතාව වෙනුවෙන් දක්වලා තියන සැළකිල්ල. ඝණ අපද්‍රව්‍ය ගැටළුව විසදීමට පළාත් පාලන ආයතන වලට සහය වීම, සබීතගේ ගොඩනැගිල්ලේ මාස දෙකක කුලියට සමානයි. අපේ රටේ තේ, රබර්, පොල් මේ ගැන අයවැයේ තියන ඔක්කෝම එකතු කරලා බැලුවත් එකතුව යන්තම් අර ගොඩනැගිල්ලේ අවුරුද්දක කුලිය. මහපොළ ගන්න ශිෂ්‍යයන් ගාන වැඩි කරන්න යොදවලා තියන මුදල වෙන්නේ අවුරුද්දටම සබීතගේ ගොඩනැගිල්ලේ මාස තුනක කුලිය. පොලොන්නරුවේ ජනාධිපතිතුමාගේ දිස්ත්‍රික්කයේ රෝහලේ මාතෘ හා ළමා වාට්ටුව හදන්න වෙන් කරලා තියන මුදල සබීතගේ ගොඩනැගිල්ලේ මාස දෙකක කුලිය. රටේ ඉන්නවා කලාකාරයෝ ගොඩක් ඒ ගොල්ලන්ට වෛද්‍ය රක්ෂණයක් ලබා දෙන්න වෙන් කරලා සබීතගේ ගොඩනැගිල්ලේ දින දොලහක කුලිය. ඔන්න අයවැය…..,” මන්ත්‍රිවරයා මෙහිදි පවසා සිටියා.

Nalinda Jayatissa

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here