කවුද කියන්නේ අපි ඒකියභාවයට එකඟයි කියලා…., අපි එකඟ නෑ!

0

ශ්‍රි ලංකාව වෙනුවෙන් ඒකිය රාජ්‍ය සංකල්පය සුදුසු නොවන බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන අතුරු වාර්තාව පැහැදිළිව දක්වා තිබියදි දෙමළ ජාතික සන්ධානය ඒකීය රාජ්‍ය වෙනුවෙන් කැමැත්ත පලකර ඇති බවට අසත්‍ය චෝදනා ප්‍රචාරය කරමින් පවතින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම එහි මාධ්‍ය ප්‍රකාශක ‍එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කරනවා.

වව්නියාවේ පැවති ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ මධ්‍යම කාරක සභා කමිටු රැස්වීමෙන් අනතුරුව, පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන උපදේශන කමිටුව විසින් ඉදිරිපත් කර ඇති අතුරු වාර්තාව පිළිබඳ විවාදය ව්‍යවස්ථාදායක සභාවේදී පවත්වා ඇති අවස්තාවකදි, එහි මූලික කරුණු පිළිබඳව දීර්ඝ වේලාවක් අප සාකච්ඡා කළා. ඇතැම් කරුණු තවමත් විසඳා නොමැති බව මෙම වාර්තාවේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. මෙම වාර්තාවේ අපගේ පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට එකඟ බොහෝ ප්‍රගතිශිලි කරුණු සඳහන් කර ඇති අවස්තාවකදීත්, එය නිසියාකාරව ජනතාව අතරට ‍ගෙනගොස් නැහැ.  විශේෂයෙන්, ‘ඒකීය පාලනයකට’ එකඟ වී ඇති බවට මේ වන විට දැඩි ලෙස චෝදනා එල්ල කර ඇත. මෙරටට ඒකීය පාලනයක් සුදුසු නොවන බව අතුරු වාර්තාවේ පැහැදිලිව සඳහන් කර ඇති අවස්ථාවකදී, දෙමළ ජාතික සන්ධානය ඒකීය පාලනයකට එකඟ වී ඇති බවට චෝදනා එල්ල කර ඇත. එබැවින්, අසත්‍ය ප්‍රචාර විශ්වාස නොකර, ඉදිරිපත් කර ඇති අතුරු වාර්තාවේ කරුණු නිසියාකාරව ජනතාව අතරට ගෙනයෑමට නිසි ක්‍රියාමාර්ග ගන්නනා මෙන් සියළු මන්ත්‍රීවරු තමිලරසු පක්‍ෂයෙන් ඉල්ලීමක් කර ඇත.”

“පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන්නේ කෙසේද? යන්න සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළා. නව මැතිවරණ ක්‍රමය පිළිබඳව මෙහිදි පුළුල් ලෙස පැහැදිලි කරා. දෙමළ ජාතික සන්ධාන‍යේ සාමජිකත්වය ලබා ඇති දේශපාලන පක්‍ෂ 03ක නියෝජිතයින් සමඟ මීට පෙරදි යාපනයේදි හමුවී, මෙම කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මෙම සාකච්ඡාවලින් අනතුරුව, ‍දිස්ත්‍රික්ක වශයෙන් ඇතැම් සාකච්ඡා පවත්වා, අප සන්ධානගතවී මෙවර මැතිවරණයට තරඟ කිරීම පිළිබඳව තීරණයක් ගතයුතුව ඇත. මේ සියල්ල සංසන්ධනය කර, තමිලරසු පක්‍ෂයේ දේශපාලන කමිටුව විසින් තීරණ ගැනීමට නියමිතයි.” මන්ත්‍රිවරයා සඳහන් කර සිටියා.

M. A. Sumanthiran

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here