මංගල බියර් මිල අඩු කළේ බියර් මුදලාලිගෙන් අහලා……!

0

4%ක්, 5%ක් පමණ මත් ඊමේ ප්‍රවණතාව ඇති බියර් වැනි මත්ද්‍රව්‍ භාවිත කිරීමෙන්ය කසිප්පු පානය කරන පුද්ගලයෙකුට මත් බව ඇති වේදැයි පූජ්‍ය ආචාර්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රශ්න කර සිටිනවා.

2018 අයවැය යෝජනා මගින් බියර් වල මිල අඩු කිරීම පිළිබඳව අදහස් දක්වමින් ඕමල්පේ හිමියන් මේ බව සඳහන් කර සිටියා.

“ඇමතිතුමා මේ වගේ යෝජනාවක් ගේන්න කලින් අඩුම තරමේ ජනාධිපතිතුමාගෙන් ඇහුවද?, අගමැතිතුමාගෙන් ඇහුවද?, කැබිනට් මණ්ඩලයේ අදහස් ගත්තද?, මේ විෂය සම්බන්ධයෙන් ඉතාම වැදගත්වන සෞඛ්‍ය අමාත්‍යයේ අදහස් විමසුවද? අඩුම තරමේ ජනාධිපති කාර්යය සාධක බලකායෙන් ඇහුවද? කිසිකෙනෙක්ගෙන් අහලා නෑ. අහල තියෙන්නේ කාගෙන්ද? බියර් මුදලාලිගෙන් පමණමයි උත්තර අරන් තියෙන්නේ. ඒනිසා තමයි ඔහු වැරදි සංඛ්‍යා ලේඛන දෙන්නේ. මද්‍යසාර භාවිත කරන්නන්ගෙන් 49%ක් කසිප්පු බොනවා කියන එක සම්පූර්ණයෙන්ම වැරද් නිගමනයක්. කසිප්පු වලට පෙළැඹීච්ච මනුස්සයා 4 1/2%ක් 5% තියන බියර් වලින් සෑහීමකට පත් වෙයිද? අපි කිව්වොත් එහෙම එහෙම කෙනාට හොදට වදීද? තමුනුත් නැසී. තමන්ගේ නායකයත් නසන, රටත් නසන මහා කුමන්ත්‍රණයයක කුමණ්ත්‍රණකාරයා වෙන්න වෙයි මංගල සමරවීර ඇමතිවරයා මේ යෝජනා ඉවත් කර නොගත්තොත්,” උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here