යාපනයේ යළි කඩු එසැවේ……, දින 2ක් ඇතුලත 12 ක් රෝහලේ

0

කඩු, කිනිසි ආදියෙන් සන්නද්ධ වු පිරිසක් ඊයේ (14) රාත්‍රියේදි ස්ථාන 4 කදී පුද්ගලයින් 8 දෙනෙකු කපා දමා පලා ගොස් තිබෙනවා.

මණිපායි පොලිස් වසමේ සංගුවේලි උතුර ප්‍රදේශයේ අද (15)  විදෙස්ගත වීමට සූදානම් වූ පවුලක තිදෙනෙකු හා ත්‍රී රෝද රථ රියදුරෙකු, කෝපායි පොලිස් වසමේ මුකමඩම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ධනබාලසිංහම් එක්මන්රාජ් හා ජේසුදාසන් ජෙගන්දන් නැමැති දෙදෙනා ද, කොණ්ඩාවිල් බස්නැවතුම්පළ ඉදිරිපිට පිහිටි වෙළඳසැලක් අසල සිටි සේලවරාසා මණ්මාරන් නැත්තෙකුද, යාපනය පොලිස් වසමේදී මාර්ගයේ ගමන් කරමින් සිටි කුලසිංහම් කුලප්‍රදීපන් මෙලෙස පහර කෑමට ලක්ව තිබේ.

මෙම ආයුධ සන්නද්ධ කල්ලිය යතුරු පැදි 5 කින් සමන්විත වන අතර එහි සමාජිකයන් හදුනා ගැනීමට ප්‍රදේශයේ ජනතාවට හැකි වී නොමැත. කෙසේවෙතත් ආයුධ ගත් පිරිස් වලට මේ වන විට දේශපාලන ශක්තියක්ද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ගත වූ දින දෙක ඇතුළත පුද්ගලයින් 12 දෙනෙකු  බරපතල කැපුම් තුවාල සහිතව මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.