කොමිසමෙන් එන්න කිව්වම නයා ගැහුවා කියලා මග හැරියා….., කොමිසමෙන් අගමැතිට එන්න කියලා නෑ

1

මහා භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීම මහත් ආදර්ශයක් බව සභානායක අමාත්‍ය ලක්ෂමණ් කිරිඇල්ල පවසා සිටියා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවෙදි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන සිදු කළ ප්‍රකාශය සඳහා පිළිතුරු ලබා දෙමිණි.

අගමැති රනිල් වික්‍රමසිංහට ජනාධිපති බැදුම්කර කොමිසමෙන් කිසිදු කැඳවීමක් කර නොමැති අතර අගමැතිවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්කි ලබාදීමට එම කොමිසම හමුවේ පෙනී සිටින්නේ ස්වේඡාවෙන් බව අමාත්‍යවරයා මෙහිදි සඳහන් කර සිටියා.

එම නිසා පටු දේශපාලන අරමුණු ඇතිව රනිල් වික්‍රමසිංහ මහතාට අභූත චෝදනා එල්ල කරන්න එපා යැයි තරයේ කියා සිටී ලක්ෂ්මන් කිරිඇල්ල  ඒකාධිපති පාලන සමයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ තබා ඔහුගේ අමතිවරුන්වත් මේ වගේ ජනාධිපති කොමිසන් හමුවේ පෙනී සිටියේදැයි ද ප්‍රශ්න කළේය.

ඒ කාලයේ මැති අමතිවරුන්ව කොමිසන් සභා මගින් කදෙව්වාම ඒ අය කළේ තමාට නයා ගැසුවා යැයි කියා එම කොමිසන් මඟ හැරීම යැයි ද ඔහු පෙන්වා දුන්නා.

 

1 COMMENT

Comments are closed.