පොලිස්පතිගේ නම රැපියල් එකසිය පනහකට විකුණලා…

0

පොලිස්පතිවරයාගේ අනුදැනුම මත බව පවසමින් හැටන් නගරයේ ති‍්‍රරෝද රථ වල පොලිස් බල ප‍්‍රදේශය සදහන් කරමින් ස්ටිකර් ඇලවු සැකකරුවන් දෙදෙනෙක් ති‍්‍රරෝද රථ හිමියන්ගේ ප‍්‍රශ්න කිරිමි හමුවේ පලා ගොස් තිබෙනවා.

අද (18.11) පස්වරුවේ හැටන් නගරයේ ඩන්බාර් විදියේ සි.සි.ටිවි කැමරා සවිකර නොතිබුණු ති‍්‍රරෝද රථ ගාලට පැමිණි දෙදෙනෙකු ති‍්‍රරෝද රථ හිමියන්ට ස්ටිකර් දෙකක් ලබා දි විශේෂ ආකෘති පත‍්‍රයක් පුරවාගෙන එම ස්ටිකර් ති‍්‍රරෝද රථයේ අලවා එම ස්ටිකර් වෙනුවෙන් රැපියල් එකසිය පනහක මුදලක්ද ඔහුන් දෙදෙනා විසින් ති‍්‍රරෝද රථ හිමියන්ගෙන් ලබාගෙන තිබෙනවා.

ජනරජ ලාංජනයට සමානව සකස් කර ඇති මෙම ස්ටිකරයේ පොලිස් බල ප‍්‍රදේශයේ නම, ලියාපදිංචි ස්ටිකරයේ අංකය, පොලි්ස් ස්ථානයේ දුරකථ අංකය, පොලිස් කොටිඨාශය, හදිසි ඇමතුමි අංක 119-118 මධ්‍යම පළාත යනුවෙන් සදහන් කර ති‍්‍රත්ව භාෂාවෙන්ම මෙම ස්ටිකරය සකස් කර ඇත. ති‍්‍රරෝද රථ හිම්යන් වෙත ගිය මෙම සැකකරුවන් දෙදෙනා ති‍්‍රරෝද රියදුරන්ව දැනුවත් කරමින් පවසා ඇත්තේ තමන් දිවයින පුරා පොලිස් ස්ථානවල ති‍්‍රරෝද රථ සහ පාසල් ප‍්‍රවහාන වෑන් රථ සහ බස් රථ හදුනා ගැනිම සදහා පොලිස්පතිවරයාගේ අනුදැනුම මත දිවයින පුරා පොලිස් ස්ථාන බල ප‍්‍රදේශවල මෙම ස්ටිකරය අලවා ඇති බවයි.

මේ පිළිබදව සැකසිතු ති‍්‍රරෝද රථ රියදුරන් ඒ පිළිබදව හැටන් පොලිසියේ නිළධාරින් දැනුවත් කරන අවස්ථාෙවි එම සැකකරුවන් දෙදෙනා පැමිණි ති‍්‍රරෝද රථයෙන්ම ඔහුන් දෙදෙනා පැන ගොස් තිබෙනවා. අප විසින් කළ සොයා බැලිමකදි ෙමි වන විට ගතවු දින කිහිපය තුල හැටන් පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් බල ප‍්‍රදේශ කිහිපයකම ති‍්‍රරෝද රථ සහ පාසල් සේවා රථ වල මෙසේ ස්ටිකර් අලවා මුදල් උපයා ඇති බව තොරතුරු අනාවරණය වුණා.

මේ පිළබදව අප හැටන් පොලිසියේ නිළධාරියෙකුගෙන් කළ විමසුමකට එම පොලිස් නිළධාරිවරයා කියා සිටියේ අද (18.11) පොලිසිය වෙත පැමිණි දෙදෙනෙකු පොලිස්පතිවරයාගේ අනුදැනුම ඇති ස්ටිකර් ඇලවිමේ වැඩ සටහනක් දියත් කරන බවත් එය අද (18.11) හැටන් පොලිස් බල ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක

වන නිසා ඒ සදහා අවසර ලබා දෙන ලෙසය. එහිදි එම පොලිස් නිළධාරිවරයා ඔහුන් වෙත දන්වා ඇත්තේ පොලිස්පතිවරයාගෙන් එවැනි චක්ක‍්‍රලේකනයක් ලැබි නොමැති නිසා ඒ සදහා අවසර ලබා නොදිය හැකි බවය. ඔහුන් දෙදෙනා විසින් ලබා දි ඇති ආකෘති පත‍්‍රයේ නැවතුමිපොල, ස්ටිකරය ලියාපදිංචි අංකය, අයිතිකරුගේ නම, ලිපිනය, හැදුනුමිපත් අංකය, දුරකථන අංකය, ග‍්‍රාමසේවා වසම, ජායාරූප අංකය ඇතුලු තවත් කරුණු ගණනාවකින් සමන්විතය මෙම ස්ටිකරයට පහලින් පරිස්සමින් ගිහිං එන්න යනුවෙන්ද සදහන් කර ඇත.

රංජිත් රාජපක්ෂ – හැටන්