විමල් පාර්ලිමේන්තුවේදී ජනපති පසසයි…….!

0

හොරු අල්ලන්නට බලයට පැමිණ ඇත්තේ තවත් හොරු රැලක් බවත් එමනිසා බැඳුම්කර ගණුදෙණුව පිළිබඳව සොයන්න කොමිසමක් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තුතිවන්ත විය යුතු බවත් පාර්ලිමේන්තුම් ත්‍රි විමල් වීරවංශ පවසනවා.

මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (18) පාර්ලිමේන්තුවේදි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමිණි.

“හොරු අල්ලනවා, හොරු අල්ලනවා කියලා ආව අයියලා ටික දැන් ඉන්නවා බැදුම්කර කකුල කටේ දාගෙන. නැට්ටේ ඉදන් ගොම. පොතකුත් ලිව්වා සුජීව මන්ත්‍රිතුමා බැදුම්කර සිද්ධිය ගැන. මම දන්නේ නෑ ඇදුම් දැන් ගතේ තියනවා ද කියලා. ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. කොමිසමක් දාපු එක ගැන. නියම රොබරි කල්ලියක්නේ. හොරු ටිකකටනේ මේ බලය අරන් ඇවිල්ලා තියෙන්නේ. එක්කෙනෙක්ට කෝල් අරන් තියනවා 258ක් දැන් මේ කෝල් 258 අරන් ඇලෝසියස් එක්ක හුරතල් වෙච්ච අයට මොනවා අරන් දීලා ඇතිද? දයාසිරි මන්ත්‍රිතුමානම් දෙසැරයයි කතා කරලා තියෙන්නේ. එතුමා ඒක විවෘතව පිළිගත්තා. මගෙන් කතා කරලා මේක ඉල්ලුවා, මම බෑ කිව්වා.කියලා. එතුමා කියපු එක ඇත්ත වෙන්න ඇති. දෙකෙන් නතර වෙන්නේ Green Light එකක් නැති නිසා වෙන්න ඇති. Green Light දීපු අයට තමයි 258යි, 315යි, 165යි, SMS100යි, වයිබර් 60යි, වට්ස් ඇප් 30යි. ඔන්න බඩු ටික. අතේ මාට්ටු වෙච්ච හොරකමක්. අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑ. තමන්ගේ ආත්මගෞරුත්වය ගැනග්හිතන මන්ත්‍රිවරුන්ට අද මුහුණ දෙන්න බෑ. අජිත් පී පෙරේරා එහෙම කෙනෙක් ද කියලා මම දන්නේ නෑ. හැබැයි අද මම දැක්කේ බොහෝම නිවුණ අජිත් පී පෙරේරා කෙනෙක්. ඒක තමයි ඇති වුණ ව්‍යපර්‍යාසය. මේ මහත්වරු මේ කරලා තියන හොරකම. මෙච්චර කල් ජනතාව දැන ගෙන හිටියේ නෑ කුරුදුවත්තේ හොරකම ගැන මේ තමයි කුරුදුවත්තේ රොබරි,” මන්ත්‍රිවරයා සඳහන් කර සිටියා.

Wimal Weerawansa