පිංපඩි අරගෙන මට කට වහගෙන ඉන්න බෑ….මොන දඩුවම දුන්නත් දුෂණයට එරෙහිව සටන් කරනවා…

0

පිංපඩි ලබමින් දෙන දේ කාලා වෙනදේ බලාගෙන සිටිමට තමන්ට පුරුදු නැති බවත් තමන් ජනතාව වෙනුවෙන් නිටන්තරයෙන් කතා කරන බවත් නී.අමාත්‍ය රංජන් රාමනායක පවසයි.

ඒ අධිකරණයට අපහාස කළ බවට එල්ලවන චොදනා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (21) යළි ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී.එහිදි මාධ්‍ය අමතමින් නී.අමාත්‍යවරයා සදහන් කලේ තමන්ට කුමණ දඩුවමක් ලබාදුන්නද රටේ දුෂණයට එරෙහිව සටන් කිරිමට සුදානම් බවයි.

අධිකරණයට අපහාස වන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කළ බව කියන ප්‍රකාශය ඇතුළත් හඬ පටය දෙසැම්බර් මස 14 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කර තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ‍්‍රාමික ගුවන් හමුදා නිලධාරි සුනිල් පෙරේරා විසින් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව මෙම පෙත්සම ගොණුකර තිබෙනවා.