“2017 ද ඩිසයිනර් විවාහ සංදර්ශනය”නොවැම්බර් මස 28 දින කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී

4

2017 නොවැම්බර් මස 28 වන අ`ගහරුවාදා දින “ද බ‍්‍රයිඞ් ඇන්ඞ් ගෲම් “(Bride and Groom Magazine ) සගරාව සහ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලය එක්ව ඉදිරිපත් කරනු ලබන ” 2017 ද ඩිසයිනර් විවාහ සංදර්ශනය”(Designer Wedding Show 2017) ශ්‍රී ලංකාවේ විවාහ ක්ෂේත‍්‍රයෙහි අනාගතය මැනවින් පිළිඹිබු කරන ඉසව්වකි. මෙම අති උත්කර්ෂවත් වාර්ෂික සංදර්ශණයේදී මනාලියන් හැඩගන්වන නිර්මාණකරුවන්ගේ, කොණ්ඩා සැකසුම් සහ රූපලාවන්‍ය ශිල්පීන්ගේ විවාහ ක්ෂේත‍්‍රයෙහි විලාසිතා ප‍්‍රවනතාද ඇතුළුව දිවයිනේ ඉහළ පෙළේ විවාහ ක්ෂේත‍්‍ර වෘත්තිකයින් විසින් ආකාර්ෂණීය මනාලියන් හැඩගැන්වීම් ඉදිරිපත් කරනු ලැබේ.

“ද බ‍්‍රයිඞ් ඇන්ඞ් ගෲම් ” සගරාව සහ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලය එක්ව ඉදිරිපත් කරනු ලබන මෙම සංදර්ශනයට ලොව පුරා ප‍්‍රසිද්ධ “ද ලැනරෝල් බ‍්‍රදර්ස් “ද ගායනයෙන් දායක වන අතර බොහෝ දෙනා බලා සිටි කොළඹ ෂැංග‍්‍රිලා සුඛෝපභෝගී හෝටලයේ පවත්වනු ලබන පළමු ඉසව් කිහිපයෙන් එකක් ලෙස මෙම සංදර්ශනය ස`දහන් කළ හැක.

2009 වර්ෂයේදී පැවැත්වූ පළමු සංදර්ශනයේ සිට ඩිසයිනර් විවාහ සංදර්ශන හතක් සාර්ථක ලෙස සංවිධානය කර ඇති අතර “ද ලැනරෝල් බ‍්‍රදර්ස් “ලෙස ප‍්‍රචලිත රොහාන් සහ ඉෂාන් සමග ඉදිරිපත් කරනු ලබන මෙවර සංදර්ශනයේදී ශ්‍රී ලංකාවේ ඉහළපෙළේ මනාලියන් හැඩගන්වන නිර්මාණකරුවන්ගේ, කොණ්ඩා සැකසුම් සහ රූපලාවන්‍ය ශිල්පීන්ගේ ආකර්ෂණීය නිර්මාණ ප‍්‍රදර්ශණය කරන අතරතුර “ද ලැනරෝල් බ‍්‍රදර්ස් ” සජීවී ගායනය තුලින් මෙම ඉසව්ව ඉතා ආකර්ශනීය වනු ඇත.

“2017 ද ඩිසයිනර් විවාහ සංදර්ශනය” 2017 නොවැම්බර් මස 28 වන දින ප.ව 6.30 සිට කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ උත්සවශාලා පරිශ‍්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

චරිත් විජේසේකර, ෂෙරිල් ගුණරත්න, ධනංජය බණ්ඩාර, හමීඩියා, මිචෙල් විජේසූරිය, නයනා කරුණාරත්න, පේ‍්‍රම්ශ‍්‍රී හේවාවසම්, පී වී එස් ජයරත්න, රමණි ප‍්‍රනාන්දු, අස්ලම් හුසෙයින්, රම්සි රහමන්, රොමේෂ් අතපත්තු, සරිටා ටෙක්ස්ටෝරියම්, සුමුදු කුමාරසිරි, සුමුදු වසන්ත, ටෙරින් ගබ්බලගේ, තුසිත ඇතුගල සහ යොලන් අළුවිහාරේ වැනි නිර්මාණකරුවන් මෙම සංදර්ශනයට සහභාගී වන අතර ලූ චිංග් වොංග් මහතාට ඔහු විසින් සිදු කල අසමසම නිර්මාණයන් වෙනුවෙන් ජීවිතයටම එක් වරක් පමණක් පිරිනමනු ලබන විශේෂ ඇගයීම් සම්මානයක් පිරිනැමීමටද නියමිතය.

කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ උප සභාපති සහ සාමාන්‍යාධිකාරි ටිමති රයිට් පැවැත්වීමට නියමිත සංදර්ශනය සම්බන්ධයෙන් අදහස් පලකරමින් ප‍්‍රකාශ කරනු ලැබුවේ..

“2017 ද ඩිසයිනර් විවාහ සංදර්ශනයේ ආගන්තුක සත්කාර සහකරු වීම සම්බන්ධයෙන් මහත් සතුටට පත් වන බවයි”. දින කිහිපයකට ප‍්‍රථම විවෘත කළ අපගේ ආකර්ෂණීය හෝටලයට මනාලියන් වීමට බලාපොරොත්තු සිටින අයගෙන් සහ විවාහ ක්ෂේත‍්‍රයේ වෙනත් පාර්ශවයන්ගෙන් ඇති ඉල්ලූම සම්බන්ධයෙන් අප මහත් සතුටට පත්වන බව ඒ මහතා අවධාරණය කරන ලදී. ” අපගේ දර්ශනය සරලය, අප අපගේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා පැහැදලිව හ`දුනාගනිමින් මතකයේ රැදෙන විවාහයන් නිර්මාණය කිරීමට බැ`දී සිටින බවද ඒ මහතා පැවසීය . අමුත්තන් 1500 කට අසුන් ගත හැකි ෂැංග‍්‍රිලා උත්සව ශාලාව, අමුත්තන් 400 කට අසුන් ගත හැකි ලෝටස් උත්සව ශාලාව, සාගරය මනා දිස්වන හතරවන මහලේ ඇති තණකොළ සහිත බාහිර ප‍්‍රදේශය සහ වඩාත් නම්‍යශීලි රැස්වීම් පරිශ‍්‍ර වලින් සපිරි නගරය තුළ ඉසව් ස`දහා ඇති විශාලතම සහ සුඛෝපභෝගි ඉඩකඩ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලය සතුව පවතී.

“ද බ‍්‍රයිඞ් ඇන්ඞ් ගෲම් ” සගරාවේ ප‍්‍රධාන විධායක නිලධාරී ප‍්‍රමිත් මල්ලවආරච්චි විසින් කොළඹ ෂැංග‍්‍රිලා හෝටලය සහ “ද ලැනරෝල් බ‍්‍රදර්ස්” සම`ග එක්ව මෙම සංදර්ශනය සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ ප‍්‍රසාදය නැවත අවධාරණය කරන ලදී. නිරූපිකාවන් මානාලි විලාසිතා ප‍්‍රදර්ශනය කරන අතරතුර 60, 70 සහ 80 දශකයේ ජනප‍්‍රිය ගීත ගායනා කරන “ද ලැනරෝල් බ‍්‍රදර්ස්” ගේ ගායනයන්ට සජීවීව සවන් දීමට හැකිවීම මෙම වර්ෂයේදී අපගේ පේ‍්‍රක්‍ෂකයින්ට හිමිවන විශේෂ වරප‍්‍රසාදයක් වන අතර ඒ තුළින් මෙම ඉසව්ව සම කළ නොහැකි විශේෂ සංදර්ශනයක් ලෙස සනිටුහන් වනු ඇතැයි ඒ මහතා තවදුරටත් අවධාරණය කරන ලදී.

“ද බ‍්‍රයිඞ් ඇන්ඞ් ගෲම් ” සගරාව සහ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලය එක්ව ඉදිරිපත් කරනු ලබන මෙම විවාහ සංදර්ශනයේ කොටස්කරුවන් වීමට ලැබීම මහත් භාග්‍යක් කොට සලකන බව රොහාන් ද ලැනරොල් පවසන ලදී. තවද අපගේ ගුණාත්මකභාවයේ උසස් වීම දෙස හැරී බැලීමේදී මෙවැනි සංදර්ශනයක කොටස්කරුවන් වීමට ලැබීමෙන් “ද ලැනරෝල් ” යන සන්නාමය ක්ෂේත‍්‍රය තුළ ශක්තිමත් වන බවට ඉෂාන් සහ මා සැබවින්ම විශ්වාස කරන අතර ඒ තුළින් සමස්ථ සංකල්පයටම වටිනාකමක් ආරෝපණය වන බවත් ඒ මහතා පවසන ලදී.

මෙම සංදර්ශනයේ අලංකරණ කටයුතු පෝරු ම`ගින් සිදුකරනු ලබන අතර මල් කී රෙන්ට් අර් කාර් නිල ප‍්‍රවාහන හවුල්කරු වේ. නිල මනාල ඇ`දුම් හවුල්කරු වන හමීඩියා සංදර්ශනයේ ප‍්‍රධාන අනුග‍්‍රාහක ලෙස ඔවුන්ගේ නිර්මාණ එකතුව ප‍්‍රදර්ශනය කරනු ලබන අතර ආර්පිකෝ සහ ජනශක්ති සංදර්ශනයේ රන් අනුග‍්‍රාහකයින් වේ. රාජා ජුවලර්ස් නිල ආභරණ හවුල්කරු වන අතර සාරි විලාසිතා ප‍්‍රදර්ශනයක් ඉදිරිපත් කරන සරිටා ටෙක්ස්ටෝරියම් සහ සාම්ප‍්‍රදායික මුල් ඇ`දුම් කට්ටල සම`ග පී වී එස් ජයරත්න සහ ග්ලෝ සම අනුග‍්‍රාහකයින් වේ. මෙම ඉසව්වේ මාධ්‍ය අනුග‍්‍රාකත්වය විජය පුවත්පත්, රියල් රේඩියෝ සහ ඩයලෝග් ටීවී ලබාදෙනු ඇත. මෙම සංදර්ශනයට අදාළ සියළු ත්‍යාග සෝතිස්, එස්තෙටික් සෙන්ටර්, කෙන්ට් සහ නොරිටෙකේ සම්පාදනය කරනු ලැබේ. ස්ටුඩියෝ 3000 ඞීඑෆ්, ලයිට් ෆ්ලෝ, ඩිලන් සීඩින් සහ ජෙහාන් සීඩින් මෙම ඉසව්වේ නිල ඡුායාරූපකරණ ශිල්පීන් වන අතර ස්ටුඩියෝ යූ වීඞීයෝ දර්ශන හවුල්කරු වේ. ශ්‍රී ලංකාවේ ෆොටෝබූත්ස් විසින් සංදර්ශනය තුළදී මෙහෙයවන ෆොටෝබූත්ස් වෙත ඉදිරිපත් වී එහි සේවාව ලබාගැනීමටද මතක තබාගන්න.

මෙම සංදර්ශනය නිෂ්පාදනයෙහි සියලූම වැදගත් අංග ලයිව් ප‍්‍රඩක්සන්ස් පෞද්ගලික සමාගම මෙහෙයවනු ලැබේ.

ප‍්‍රවේශපත් රු.5,000 සහ රු.8,000 යන මිල ගණන් යටතේ ඉහත නිර්මාණ ශිල්පීන්ගෙන්, රමණි ප‍්‍රනාන්දු සැලෝන් සහ යොලන් (ක්‍රෙස්කැට්) වෙතින් ලබාගත හැක. එසේම www.444.lk වෙතින් අන්තර්ජාලය හරහා ප‍්‍රවේශපත් මිලට ගත හැක.

ඔබ වෙත ප‍්‍රවේශපත් ගෙන්වා ගැනීමට හෝ වැඩිදුර තොරතුරු සදහා 0777791681 අමතන්න

The Designer Wedding Show 2017 Group picture –The Designer Wedding Show 2017 at Shangri-La Hotel

From the Left:
Standing- Nireksha Perera, Ishan De Lanerolle, Ramzi Rahaman, Pubudu Jayaratne, Sumudu Wasantha, Pramith Mallawaratchie, Michael Wijesuriya, Fouzul Hameed, Thusitha Ethugala, Romesh Atapattu, Aslam Hussein, Dhanajaya Bandara, Mr.Periyanann, Rohan De Lanerolle, Rakesh Ramachandran

Seated- Timothy Wright, Premshri Hewawasam, Sumudu Kumarasiri, Nayana Karunaratne, Yoland Aluwihare, Cheryl Gooneratne, Ramani Fernando, Terin Gabbalage, Lou Ching Wong, Chris Mcfall Absent: Charith Wijesekera

4 COMMENTS

  1. Freeelancing can eeven lead to an enormous “plus” concerning your income.

    As an alternative of having to settle foor the specific salary that іs provided by the one regulati᧐n agency

    that you worк, you might have a great deal of leeway in setting youur personal рay rates.

    This issuee can leadd to sіgnificаntly extra money for you.

  2. Just want to say your article is as surprising. The clarity in your post is just nice and

    i can assume you’re an expert on this subject. Fine with your permission let me to grab your feed to keep updated with forthcoming post.

    Thanks a million and please carry on the gratifying work.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here