“මම ශ‍්‍රී ලංකා කාරයා කියල මහින්ද පපුවට ගහනවා….”කොහොමද කියන්නනේ මහින්ද පොහොට්ටුවේ කියලා

0

“මහින්ද මහත්තයා පපුවට ගහගෙන කියනවා මම ශ‍්‍රී ලංකා කාරයෙක් කියලා එතකොට කොහොමද කියන්නනේ එතුමා පොහොට්ටුවේ කියලා.”යැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත‍්‍රික් සංවිධායක සුසිල් පේ‍්‍රමරත්න ප්‍රශ්ණ කරනවා.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා නාඋල දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සුසිල් ප්‍රේමරත්න සදහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදා වෙන්කිරීමට උත්සහා කරනුයේ ග‍්‍රාමීය මට්ටමීන් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය විනාශ කළ පිරිසක් බවයි.

පසුගිය සමයේ විවිධ කොන්ත‍්‍රාත් කරමින් ජරාජීර්න වූ ප‍්‍රාදේශිය සභා සභාපතිවරු හා මන්ත‍්‍රිවරු පිරිසක් උත්සහ කරමින් ඇත්තේ මහින්ද රාජපක්ෂගේ නම විකුණා ඡන්දයට මුහුණ දීමට බවත් සමාජ විරෝධි ක‍්‍රියාවන් සිදුකල පිරිස් සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නාම යෝජනා නොලැබෙන බවත් ඒ නිසාම යුද්ධය දිනු මහින්ද ට ලබාදෙන ඡන්දය ඔවුන්ට ලබාගන්නට උත්සහදරන කල්ලියක් මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට උත්සහා දරන බව ද සුසිල් ප්‍රේමරත්න සදහන් කර තිබේ.

මේ දක්වා කිසිම තැනක මහින්ද මහත්තයා පොහොට්ටුවට ඡන්දේ දෙන්න යනුවෙන් ඉල්ලිමක් කර නොමැති බවත් ලග එන පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ නියෝජිතයෝ පිරිසක් වත්මන් සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් යොදවන්න කටයුතු කරන බවද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත‍්‍රික් සංවිධායක සුසිල් පේ‍්‍රමරත්න පවසා තිබේ.