ඌව පළාතේ තාක්‍ෂණය සමඟ දේශීය වෛද්‍ය ක්‍රම සීග්‍රයෙන් සංවර්ධනයට

0

ඌව පළාතේ නව තාක්‍ෂණය සමඟ දේශීය වෛද්‍ය ක්‍රම සීග්‍රයෙන් සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග අගය කරන බව ඌව ආණ්ඩුකාරවර ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ පවසයි.බදුල්ල සයිමන් පිරිස් අනුස්මරණ ශාලාවේ පැවැති ආයුර්වේද දෙපාර්තමේන්තුව මෙහෙයවන අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය විවෘත කරමින් ඌව පළාත් ආණ්ඩුකාරවරවරයා මේ බව කියා සිටියා.

වැඩි දුරටත් අදහස් දක්වු ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ

1956 ඇරඹුන දේශපාලන විප්ලවයන් තුලින් එස්.ඩබ්.ආර්.ඩි.බණ්ඩාරනායක මහතා සඟ වෙද ගුරු ගොවි කම්කරු යන පංච බලවේගයන් සමඟින් නව පෙරලියක් කිරීමෙන් පසු දිවයිනේ ආයුර්වේදය ප්‍රචලිත වීමට ඇරඹුන බව පැවසිය. මේ අනුව අද වනවිට නව තාක්ෂනය සමඟින් ආයුර්වේදය සැහෙන ප්‍රගතියක් ලබා තිබෙනවා ඌව පළාතේ ආයුර්වේද කොමසාරිස් ඇතුළු කාර්ය මණ්ඩලය පළාතේ දේශීය වෙදක්‍රම සංවර්ධනය සදහා ගන්නා උත්සාහයයන් අගය කලයුතුයි.

ඌව පළාතේ ප්‍රධාන සෞඛ්‍යය ගැටළුවක් වන මහියංගනය මොණරාගල ප්‍රදේශ වල පවතින වකුගඩු රෝග සඳහා ආයුර්වේදය මඟින් රෝග නිවාරණ වැඩ සටහන් ක්‍රියාත්මක කර තිබීම අගය කළ යුතුයි. එමඟින් රෝග ව්‍යාප්ත වීම වැළක්වීමට වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර කිරීමටද ආයුර්වේද රෝහල්වල පහසුකම් මැනවින් සලස්වා තිබීමද අගය කලයුතුයි.

මෙහිදී අදහස් ප්‍රකාශ කළ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ඌව පළාතේ දේශීය ඔසු බහුලව වැවෙන බවත් ඒවා සංරක්ෂණය කර දේශීය වෛද්‍ය කටයුතු සඳහා පරිහරණයට යොදාගැනීමට හැකිවීම වැදගත් බවද පැවසිය. පළාත තුළ නිරෝගිමත් ජනතාවක් බිහිකිරීමට දේශීය වෙද කමින් සැලසෙන සේවය අමතක කළ නොහැකි බවද ඒ සඳහා ආයුර්වේද කොමසාරිස් ඇතුළු කාර්ය මණ්ඩලය ඉටුකරන සේවය අගය කලයුතු බවද පැවසිය

ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ හා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට ඌව පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය අමාත්‍ය අනුර විදානගමගේ ,පළාත් සමුපකාර සහ මාර්ග අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන්, පළාත් සභා මන්ත්‍රී ප්‍රගති අනුශල්‍ය, එම් සචිත්තානන්දන් යන මහත්වරුන්ද, ආදී වාසි නායක උරුවරිගයේ වන්නිලැත්තන් හා ඇමරිකාවේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ හුස්ටන් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය ප්‍රියා වීරසිංහ, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කෘෂි පිඨයේ අංශ ප්‍රධානී ආචාර්ය ඉවෝන් කාලියදාස, සම්ප්‍රදායික ජාතික විද්වත් කමිටුවේ සභාපති වෛද්‍ය ඩැනිස්ටර් සිල්වා යන මහත්ම මහත්මින්ද, ඌව පළත් සභාවේ දේශීය වෛද්‍ය අමාත්‍යංශ ලේකම් අනිල් විජේසිරි මහතා, ඌව පළාත් ආයුර්වේද කොමසාරිස් පී.ඩබ්ලිවු.ඩබ්ලිවු, දිසානායක ඇතුළු පළාත් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළුව නිලධාරීන් රැසක් සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here