ඇමෙරිකානු ඩොලර් මිලියන සියයක gepard 5.1 යුධ නෞකාව ලංකාව මිලදි ගනී!

0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉල්ලීම පරිදි භූමිය ආරක්ෂා කරගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන සියයක වියදමින් අති නවීන ගෙපාර්ඩ් 5.1 (gepard 5.1)යුද නෞකාව රුසියාවෙන් මිලදී ගැනීමට දෙසැම්බර් 31 වැනිදාට පෙර ඇනවුම් කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

යුද්ධයක් නොමැති වුවද මෙම අති නවීන යුද නෞකාවට මුර සංචාර, වෙනත් නැව් ආරක්ෂා කිරීමේ මෙහෙයුම්, මුහුදේ සිට ගොඩබිමට ප්‍රහාර එල්ල කරන ක්‍රියාන්විතවලදී නාවික හමුදාවට ආරක්ෂාව සැපයීම, මුහුදු සීමාවන්වල බිම් බෝම්බ ඇටවීම, සියලු නාවික හමුදා මෙහෙයුම්වලට දායක වීම, සාගර පරිසර පද්ධති සුරක්ෂිත කිරීම හා අනතුරට ලක්වූ යාත්‍රා මුදා ගැනීම ඇතුළු ක්‍රියාවන් රැසක් කළ හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන සදහන් කළේ මීට පෙර මෙරටට ගෙන් වූ නැව ප්‍රමිතියෙන් තොරවීම නිසා එය ප්‍රතික්‍ෂේප කළ බවත් ඒ සඳහා මුදල් ගෙවා නොතිබූ බවත් ඒ වෙනුවට gepard 5.1 නැව ගෙන්විමට කටයුතු කල බවයි.

මෙම අති නවීන යුද නෞකාව නාවිකට කාර්යය සාධක බලකායක සාමාජිකයකු ලෙස හෝ තනිවම ඉතා පුළුල් ලෙස විවිධ මෙහෙයුම් ලෝකයේ ඇති ඉහළම තාක්ෂණය හා හැකියාවන් ඇති අතර වසර 50ක 60ක අතර කාලයක් මුහුදේ සිට ආරක්ෂාව සැපයීමේ හැකියාවද පවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here