බඩු මිල ඇත අහස උසට….දහ දාහයි අපේ අතට…

0

හැටන් කොටගල කේ‍්‍රමිබි‍්‍රජ් ගුරු අභ්‍යාස විද්‍යාලයේ පුහුණූව ලබන ගුරු සහයකයින් කලුපටි පැලද අද (23.11) උදැසන එම ගුරු අභ්‍යාස විද්‍යාලය ඉදිරිපිට හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ උද්ඝෝෂණයක් ආරමිභ කර තිබෙනවා.එම ගුරු අභ්‍යාස විද්‍යාලයේ වසර තුනක කාලයක් පුහුණුව ලබමින් සිටින ගුරුවරුන් හයසිය පනස් දෙනෙකු පමණ මෙම උද්ඝෝෂණයට සහභාගි වි සිටිනවා.

ඔහු අවධාරනය කර සිටින්නේ මීට වසර දෙකකට ප‍්‍රථම තමන්ව රැපියල් හයදහසේ වැටුපට බදවා ගෙන පසුව රජයේ සේවකයන්ට වැඩි කළ රැපියල් දස දහසක මුදලක් සමගම රැපියල් දාසයදහසක වැටුපට තමන් ගුරු සහයක තනතුරේ සිටිමින් අධ්‍යාපන කටයුතු සිදුකරන අතරතුර ගුරු පුහුණුවිමද ලබන බවයි. එබැවින් තමන්ව ගුරු නිත්‍ය සේවයේ තනතුර සදහා බදවා ගන්නා ලෙසයි උද්ඝෝෂණයේ නියලි ගුරු සහයක පුහුණූ වන්නන් ඉල්ලා සිටින්නේ.

මෙම උද්ඝෝෂණය උදැසන 8.00 සිට පෙරවරු 9.00 දක්වා පැවැතියා. මෙම උද්ඝෝෂකයන් හමුවට පැමිණි ලංකා කමිකරු කොංග‍්‍රසයේ උප සභාපති හා මධ්‍යම පළාත් සභා මන්ති‍්‍රකනපති කනගරාජ් අතර උණුසුමි තත්ත්වයක්ද ඇති වුණා.

මේ සමිබන්ධයෙන් අප මධ්‍යම පළාත් දමිළ අධ්‍යාපන අමාත්‍ය එමි.රාමේ ෂ්වරන්ගෙන් කළ විමසුමකට ඔහු පවසා සිටියේ මෙම ගුරු සහයකයින් බදවා ගැනිමේදි වසර තුනක කාලයක් ඇතුලත ඔහුන් ගුරු අභ්‍යාස විද්‍යාලවලින් ගුරු පුහුණූව ලබා ගත යුතු බවයි. එම කාලය ලබන වසරේ අපේ‍්‍රල් මාසයෙන් අවසන් වන බැවින් ඉන් අනතුරුව එම තනතුරට බදවා ගත් සියලුම ගුරු සහයකයින් මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් ස්ථිර ගුරු සේවයට බදවා ගැනිමට නියමිත බවයි මධ්‍යම පළාත් ඉන්දු අධ්‍යාපන අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ-හැටන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here