පදවියේ වනජීවී ඉඩම් වල පදිංචි ජනතාවට සහන ලබා දෙන්න වනජීවී – ඉඩම් ඇමතිවරු විශේෂ සාකච්ඡවක

0

උතුරු මැද පළාත්ට අයත් පදවිය ප‍්‍රදේශයේ ජීව්ත වන ජනතාව අතුරින් වනජීවි කලාප තුළ පදිංචි වී සිටින පවුල් 200 කගේ පමණ පවතින ඉඩම් ගැටථ සදහා ගතහැකි සහන කි‍්‍රයාමාර්ග පිළිබදව වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා සහ ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලකගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක කාර්යාලයේ දී 21 දා සවස පැවැත්විණි.

පදවිය නගරයේ යම් යම් ස්ථාන මෙන්ම රජයේ රෝහල පවා වනජීවී දෙපාර්තමේන්තුවට අයත් භූමියක් බවද මේ සාකච්ඡාවේදී හදුනාගෙන තිබේ.

ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක පසුගියදා පදවිය ප‍්‍රදේශයේදී සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදී පදවිය ප‍්‍රදේශයේ ජනතාව ඉදිරිපත් කළ ප‍්‍රශ්නයට විසදුම් ලබා දීම වෙනුවෙන් මෙම සාකච්ඡාව කැදවා තිබුණි.

පදවිය ප‍්‍රදේශයේ වනජීවි ප‍්‍රදේශ ආශි‍්‍රතව ජීවත් වන පවුල් ගණනාවකටම දීමනා බලපත‍්‍ර හිමි බවත්, තවත් පිරිසක් අනවසරව භුක්ති වි`දින බවත් මේ සාකච්ඡාවේදි හෙළි විය.මෙම ජනතාවට සහනයක් ලබා දීම වෙනුවෙන් ඉදිරි කාලය තුළ ඉඩම් අමාත්‍යාංශය, වනජීවී අමාත්‍යාංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පදවිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය වන අයුරින් කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුව මගින් පදවිය ප‍්‍රදේශයේ එම ඉඩම් ගැටථ සදහා විසදුම් ලබා දීම වෙනුවෙන් පූර්ණ සමීක්ෂණයක් සිදුකර එම ජනතාවගේ ප‍්‍රශ්න වලට විස`දුම් ලබා දිය හැකි ක‍්‍රමවේදයක් සකසන ලෙසද ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා මෙහිදී නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම විශේෂ සාකච්ඡාව වෙනුවෙන් ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රා හේරත් ,අතිරේක ලේකම් (ඉඩම්​) දයාරත්න, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඞී.බී මීගස්මුල්ල,වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරිය බණ්ඩාර ඇතුථ නිළධාරීන් රැසක්ම මෙම සාකච්ඡවට සහභාගී වූහ. ​

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here