සීමා නිර්ණ කමිටුවේ වැඩ මෙන්න … කිසිම ඡන්ද දායකයෙකු නැති කොට්ඨාශයක්!

0

නාඋල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ පළාත් පාලන සිමා බෙදීම් වල පවතින බරපතල ගැටළු සම්බන්ධයෙන් පළාත් පාලන අමාත්‍යංශ්‍ය නිවැරදි කිරීමේ ගැසට් නිවේදනය සතියක් තුළ පල නොකරන්නේ නම් අභියාචනාධිකරණයේ නඩු පවරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත‍්‍රික් සංවිධායක සුසිල් පේ‍්‍රමරත්න පවසයි.

සීමා නිර්ණයන්ට අනුව නාඋල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශ කොට්ඨාශ 10 කට බෙදා ඇති බවත් ඉන් තලාගොඩ කොට්ඨාසය මොරගහකන්ද ජලාශට යටවී ඇති බවයි සුසිල් පේ‍්‍රමරත්න පෙන්වා දෙන්නේ.තමන් ජාතික සීමා නිර්ණ කමිටුවට මේ සම්බන්ධයෙන් දැනුවත් කළ බවත්, ඔවුන් ගැටළුවක් පවතින බව වටහාගත් නමුත් මේ දක්වා ක්‍රියාමාර්ග ගැනිමට සමත්ව නෑ.

තලාගොඩ කොට්ඨාසය පදිංචිව සිටි පිරිස් මේ වන විට ලග්ගල ප‍්‍රදේශයේ පදිංචිව සිටින බැවින් මෙම අර්බුදය පැනනැගී ඇති බවත් ජලයෙන් යටවු ප‍්‍රදේශයේ කිසිවෙකු නැති අවස්ථාවක කොට්ඨාශයක් නම් කිරිමෙන් පසු ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශයේ බලවත් අර්බුදයක් හටගන්නා බව සඳහන් කරමින් තමන් කරුණු දැක්වු බව සුසිල් පේ‍්‍රමරත්න සදහන් කළා.

පළාත් පාලන මැතිවරණය පෙර මෙම ගැටළුව නිවැරදි විය යුතු බවත් එසේ නොවන්නේනම් අනිවාර්යෙන්ම අභියාචනාධිකරණය ඉදිරියේ නඩු පැවරීමට කටයුතු කරන බව ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත‍්‍රික් සංවිධායක සුසිල් පේ‍්‍රමරත්න වැඩි දුරටත් සඳහන් කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here