මහදවල් අමු අමුවේ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරන මේ ආණ්ඩුවේ ආයුකාලය වැඩිදුර නෑ!

0

ජනතාව ආණ්ඩුවට විරුද්ධ වන බව දන්නා බැවින් ආණ්ඩුව ජනතාව වෙත මැතිවරණයකින් යාමට අය බවත් එම හේතුව නිසාම ප්‍රජාතන්ත්‍රවාදය මහදවල් අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ පවසා සිටිනවා.

ඊයේ (22) අනුරාධපුරයේ පැවති ජනහමුවකට එක් එමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“ආණ්ඩුව ජනතාව ඉදිරියට යන්න බයයි. ජනතාව රජයට විරුද්ධව යනවා කියන සහතිකය ආණ්ඩුවට ඇවිත් තියෙන්නේ. ආණ්ඩුව ජනතාවට බය හින්දා පරාජයට බය හින්දා තවදුරටත් මේ රටේ මැතිවරණ කල් දානවා. ප්‍රජාතන්ත්‍රවාදය මහදවල් අමු අමුවේ උල්ලංඝනය කරනවා. රජය නියෝජනය කරන සෑම දෙනාටම කියනවා ජනතාවට ද්‍රෝහි වෙන රජයක් තවදුරත් ගෙනියන්න අපි විතරක් නෙමෙයි අනිත් රටවල් පවා සමත් වුණේ නෑ. විදේශයෙන් ලැබිලා තියන උපදේශය ජනමත විචාරණයට යාම වෙන්න පුළුවන්. හැබැයි ජනමත් විචාරණයට යාමත් අද වන කොට ප්‍රශ්නයක් වෙලා තියනවා. එංගලන්තයේ ජනමත විචාරණයෙන් වෙච්ච දේ ලංකාවේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයකට ගියොත් ඇතිවෙනවා. හැබැයි ජනමත විචාරණයවත් නොතියා මැතිවරණ සිතියම හකුලා ගන්නවා නම් පසුගිය දා සිම්බාබ්වේ ඇති වෙච්ච තත්ත්වය ඉතා නුදුරේදී වර්තමාන රජයට වෙනවා,” මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා.

Asanka Shehan Semasinghe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here