අවසන් සටනේ විනාශ කල LTTE සොහොන් කොත් 97ක් වෙනුවෙන් ලක්ෂ හතලිහක මන්ත්‍රී ප්‍රතිපාදන

0

2009 වසරේ විනාශ වූ සොහොන් කොත් 97ක් පෙර තිබූ අයුරින්ම ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් ලක්ෂ හතලිහක මුදල් ප්‍රතිපාදන ලබාදිමට මළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් කටයුතු කර තිබේ.

කිලිනොච්චියේ කනකපුරම් හි පිහිටා ඇති මෙම එල්.ටී.ටී.ඊ සොහොන් කොත් 97ක 2009 වසරේදී විනාශ කොට දමන ලද එවා වේ.

කිලිනොච්චි දිස්ත්‍රික් වැය ශීර්ෂය යටතේ මන්ත්‍රීවරයා වෙත හිමිවු විමධ්‍යගත අරමුදලෙන් මෙම මුදල යෙදවීමට දිස්ත්‍රික් සංවර්ධන කිමිටු රැස්වීමේදී අනුමත වී ඇති අතර ඊට කිලිනොච්චි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ද අනුමැතිය හිමිවී තිබේ.

එහිදී මන්ත්‍රීවරයා උතුරේ මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ ….

මෙම සෙහොන් කොත් තැනීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති අතර ඒ සඳහා කිසිවෙකුටත් එරෙහිව විමට නොහැකි බවත් එමෙන්ම සන්නද්ධ අරගල වලදී දිවිපිදූ විරුවන්ගේ ස්මාරක දකුණේ ඕනෑ තරම් තිබෙන අතර උතුරේදී එය නීති විරෝධි වන්නේ කෙසේදැයි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් ප්‍රශ්ණ කර තිබේ.

තම වර්ගයාගේ අයිතිය වෙනුවෙන් දිවි පිදූ විරුවන්ට ගරු බුහුමන් දැක්වීමට දකුණේ ජනතාවට ඇති අයිතිය උතුරේ ජනතාවටද එලෙසින්ම තිබිය යුතු බවයි මන්ත්‍රීවරය පෙන්වා දි ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here