ජනාධිපති සිරිසේන බය නෑ….කොමිසමේ වාර්තාව ආ සැනින් අධිකරණ ක්‍රියාමාර්ගවලට!

0

බැඳුම්කර වංචාව පිළිබඳ අඛණ්ඩව පරීක්‍ෂණ පවත්වාගෙන යා යුතු බවටත්, කොමිසමේ වාර්තාව ජනවාරි මස 08 වැනිදා ජනාධිපතිවරයා වෙත ලැබුණු පසු අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවිය යුතු බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම එකඟතාවට පැමිණි බවයි.

බැඳුම්කර කොමිසම පත්කිරීම පිළිබඳ ආණ්ඩුවේ සිටින ඇතැම් ඇමැතිවරුන් පවා ජනාධිපතිවරයාට චෝදනා එල්ල කරන නමුත් පිරිසුදු ආණ්ඩුව තුළ අපිරිසුදු දේවල් සිදුවූ බවත් එවැනි අපිරිසුදු තැන් පිරිසුදු කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නොබියව කටයුතු කරන බවද අමාත්‍යවරයා සදහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here