ගල් කඩන්න අවසර දෙන්න අල්ලස් ගන්න ගිහින් ප්‍රාදේශිය ලේකමි අත්අඩංගුවට

0

වලපනේ ප‍්‍රාදේශීය සභාවේ ලේකමිවරයා සහ එම සභාවේ පරිසර නිළධාරියාව අල්ලස් සහ දුෂණ විමර්ෂණ ඒකකයේ නිළධාරින් විසින් අද (24.11) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ප‍්‍රදේශයේ ගල් පර්වතයක් කැඩිම සදහා රැපියල් විසිපන්දහසක මුදලක් ව්‍යපාරිකයෙකුගෙන් අල්ලස් වශයෙන් ලබා ගනිද්දි මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇති බවයි පැවසෙන්නේ. අත්අඩංගුවට ගත් ලේකමිවරයා සහ පරිසර නිළධාරියා නුවරඑළිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කර තිබෙනවා.

රංජිත් රාජපක්ෂ -හැටන්