කොලේ ඉරාගෙන ඇගේ හලා ගෙන අඬා ගෙන එන්න එපා…..! දූෂණ සහයකින්ට ජනපතිගෙන් අවවාදයක්

3

දුෂණයට, වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නාවිට එයට විරුද්ධව තමාට චෝදනා එල්ල කරන්නේ නම් තමන් සියලු තනතුරු අතහැර ජනතාව සමඟ එක්ව දූෂණ විරෝධී සටන ගෙන යාමට සූදානම් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද(24) පෙරවරුවේ නිකවැරටිය සති පොළ භූමියේ පැවති ජන හමුවකට එක් වෙමිනි.

එහිදි අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“අද අපිට ඇහෙනවා නොයෙකුත් චෝදනා එල්ල කරනවා. නොයෙකුත් චෝදනා කරනවා. විශේෂයෙන්ම මට චෝදනා කරන මට විවේචන කරන සියළු දෙනාට මම කියනවා, කොලේ ඉරා ගෙන ඇගේ හලා ගන්න එපා. කොලේ ඉරා ගෙන ඇගේ හලාගෙන ලොන්ඩරි 7 දැම්මත් සුද්ද කරන්න වෙන්නේ නෑ. ඒක බොහෝම පැහැදිලිව තේරුම් ගන්න ඕන. දේශපාලන ළදරුවන් වෙන්න එපා කවුරුවත්. දේශපාලන බුද්ධිය මුහුකුරා ගිය පරිනතභාවයක් තියන පිරිසක් මේ වගකීම් වල නායකත්වය අරගෙන මේ රට ඉස්සරහට ගෙනි යන එක ඉතාම අවශ්‍යයි. විශේෂයෙන්ම මම කියනවා ආණ්ඩුව තුළ වෙන්න පුළුවන්. විපක්ෂය තුළ වෙන්න පුළුවන් දේශපාලන ලද බොළඳ බවෙන් යුතුව කටයුතු කරන අයට මම කියනවා දේශපාලන අර්බුද හදාගන්න පුළුවන්. දේශපාලන ප්‍රශ්න හදා ගන්න පුළුවන්. ගැටුම් හදා ගන්න පුළුවන් අවසානයේ කරදරයට පත්වෙන්නේ කවුද, මේ රටේ අසරණ ජනතාව. සංවාද කරලා මාධ්‍ය හරහා නොයෙකුත් විවේචන කරලා, කොලේ ඉරාගෙන ඇගේ හලාගෙන ඊට පස්සේ අඩන්න එපා කියන එක මම බොහෝම පැහැදිලිව සෑම කෙනෙකුටම කියනවා.”

“අපි සැම වෙලාවේම ඉන්නේ ජනතාව එක්ක, මම දූෂණයට වංචාවට සියල්ලටම විරුද්ධ කෙනෙක් අක්‍රමිකතා වලට විරුද්ධ කෙනෙක්. දූෂණයට විරුද්ධව මම වැඩ කරන කොට වංචා දූෂණ කරනකොට ඒවාට විරුද්ධව කවුරු හරි මට ඇගිල්ල දික් කරනවා නම් මම මේ සියල්ල දාලා මේ තනතුරු සියල්ල දාලා ජනතාව එක්ක මේ සටන මෙහෙයවන්න මාම් ලෑස්තියි කියන එක මම බොහෝම පැහැදිළිව කියන්න ඕන.”

“ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අපේ ආලන කාලය තුළ ඒ නිසා තමයි 2015 ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් අපේක්ෂකයාත් පරාජයට පත් වුණේ. පොරොන්දුවක් විදියට වැඩ කරන කොට එක්සත් ජාතික පක්ෂයේ පිරිස් හා ඊටත් එහා ගිය කට්ටිය ඊටත් එහා වැඩ කරනවා නම් ඒක ජනතාව අනුමත කරන්නේ නෑ. අපි දැන ගන්න ඕන පක්ෂය කියන්නේ කුමක්ද කියන එක නෙමෙයි නිවැරිදි දේ කුමක්ද කියන එකයි. මම පුරුදු වෙන්න දේශපාලනයට ආපු කෙනෙක් නෙමෙයි. කාගෙන්වත් අධ්‍යාපනය අරගෙන දේශපාලනය මේකයි කියලා ආපු කෙනෙක් නෙමෙයි. මම අවුරුදු 50ක් දේශපාලනය කරලා තියෙන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ. මේ දැන් අවුරුදු 3ක් වැඩ කරලා තියෙන්නේ පොදු අපේක්ෂකයා විදියට සියළුම දේශපාලන පක්ෂ එක්ක. ඒ නිසා රට වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම හෙට උපදින දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම වෙනුවෙන් අපි සියළු දෙනා එකට එකතු වෙලා වැඩ කරන්න ඕන. පළාත් පාලන මැතිවරණ කල් දැමීමක් ගැන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට චෝදනා කරනවා. මාම් බොහෝම පැහැදිළිවකියනවා මේ රටේ මැතිවරණ කොමිසම් සභාවටත් ජනතාවටත් වහාම පළාත් පාලන මැතිවරණයකට යාමයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ”

Maithripala Sirisena

3 COMMENTS

  1. Now that you find out about video editing and also the what exactly you need you are

    ready to start your way of amateur filmmaker to professional director.

    You don’t have to purchase the greatest or heaviest tripod for personal use.

    You need a special connector typically called a Fire wire or commonly known as just as one IEEE 1394 high band connector.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here