අපි කැපුවත් නිල් …..අතද?බුලතද? තින්දුව මේ සතියේ

1

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තරගවදින්නේ අත ලකුණෙන්ද බුලත් කොලෙන්ද යන්න පිළිබද, ඉදිරි සති දෙක තුළ තීරණයකට එළඹෙන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අගුණකොළපැලැස්ස , වෑකදවල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනුයි අමාත්‍යවරයා සදහන් කළේ පාට නිල්පාට පමණක් බවයි.

“අපි තීන්දු කරනවා ඉදිරි දෙසතිය ඇතුළත අපි තරග කරන්නේ අත ලකුණෙන්ද බුලත් කොලෙන්ද කියලා..දැන් අපි ගම් වලින් අහගෙන යනව මොකද අපේ ලකුණ වෙන්න ඕන කියලා..අපේ වැඩිහිටි කට්ටියගෙන් අහුවම කියනවා අපි නම් කැමති අතට කියලා..අලුත් කට්ටියගෙන් ඇහුවම කියනවා අපි නම් කැමති බුලත් කොලේට කියලා..මොකද ඒකට තමයි ඡන්දය පාවිච්චි කළේ..හැබැයි මොන එකෙන් හරි ඔය දෙකෙන් එකක් තමයි ..එතකොට මොකද්ද පාට අපේ..අපේ පාට නිල් පාට වෙන මොන පාටවත් නෙමෙයි..ඒකනේ අපේ වැඩිහිටියෝ කියන්නේ අපි කැපුවත් නිල් පාට කියලා..ඒ කියන්නේ අපි ශ්‍රීලංකා..එතකොට ශ්‍රී ලංකා එකේ පාට උරුමය ඒ සියල්ල තියෙන්නේ අපිත් එක්ක අපි ඒ යටතේ තමයි තරහ කරලා ජයග්‍රහණය කරන්නේ..”

1 COMMENT

  1. යකෝ රනිල් අගමැති කොර ගෙන එජාප යත් එක්ක හවුල් අාණ්ඩුව හැදුවෙ අාප්ප කාල පැන්න සිරිසේනය්. තොපි මහින්ද මහත්තයගෙ පිහිටෙන් චන්දෙ දිනල මහ බැංකුව කොල්ල කාපු රනිල් ගෙ අැමති කටු සූප්පු කොරන්න 'යහපාලන' රෙජිමයට අඩ තියල 2/3 කේ බලයක් එජාප යට අරන් දුන්නා. බලා ඉන්දදි රටේ අාර්තිකයට කෙලවුනා. චන්දෙ කල් දා ගෙන රනිලගෙ අැම්බැට්ටයන්ට නය ගන්න රටේ සම්පත් විකුන ගෙන හොරා කන්න තොපි අත ඉස්සුවා. කොන්දොස්තර අමරයට දැන් නිල් ෆිල්ම් ද කොහෙද මතක් වෙලා. මොන චන්දෙ තිබ්බත් තොපි හැඳි ගෑවිලා යනවා සිකුරැය්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here