තව මාස දෙකයි………නැත්නම් ආණ්ඩුව වැඩක් නෑ……

1

නීත්‍යානුකූල ක්‍රමවේදයක් තුළ ඊලඟ මාස 2ක් කාලය තුළ ඡන්දය පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් එසේ කළ නොහැකි නම් ආණ්ඩුවෙන් වැඩක් නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා.

පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“සමහරු සැළසුම් කරනවා මේ මැතිවරණය කල් දාන්න. එහෙනම් අපි ආණ්ඩුව හැටියට ඊලග මාස දෙක තුළ මොනයම් හෝ නිත්‍යානුකූල ක්‍රමයක් යටතේ මේ මැතිවරණය තියනවා කියලා මම පොරොන්දු වෙනවා. මේ අතුරු තහනමක් ගත්තා. ඒ අතුරු තහනම ගත්ත මිනිස්සුයි, ඒ අයව මෙහෙයවපු අයයි ඔක්කෝම හිතුවේ දැන් ඔක්කෝම හරි කියලා. ඒ ඡන්දෙට බය කට්ටිය. ඒ අය කවුරු වුනත් ඡන්දෙට බය මිනිස්සු. මැතිවරණ කොමිසම කිව්වා කිසි ප්‍රශ්නයක් නෑ පළාත් පාලන ආයතන වලින් තුනෙන් පංගුවකට ඡන්දේ තියන්න පුළුවන් කියලා. මම තමුන්නාන්සේලාට කියනවා ඉතිරි පළාත් සභා ටිකත් අපි පෙබරවාරි මුල් සතිය වෙනකොට ඉතිරි සභාවලටත් ඡන්දේ තියනවා කියලා,” නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Ajith Perera

1 COMMENT

  1. 'යහපාලන' ඔස්තාර්ල අවුරැදු තුනක්ම නොයෙකුත් උප්පරවැට්ටි යොදා ගෙන හවුලෙ චන්ද කල් දාල දැන් වැරැද්ද තනිකර සිරිසේන පිටින් යවල බබා හුකන් වෙන්න හදන්න එපා බැඳුන්කර අජිතයෝ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here