වැරදි වැඩ නොකර හිටියා නම් දෝෂාභියෝග එන්නෙත් නෑ විශ්වාසභංග එන්නෙත් නෑ,.

0

ව්‍යවස්ථාදායකයේ පිරිස් විධායකය සමග ගැටුමට නොයා යුතු බවත් එම දෙපිරිස සංහිදියාවෙන් යුතුව කටයුතු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසා සිටිනවා.

ඊයේ (25) පුත්තලම ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“පාර්ලිමේන්තුවට ගිහිල්ලා ගහගෙන බැනගෙන වැඩක් නෑ. දැන් පාර්ලිමේන්තුවත් විකාරයක් වෙලා තියෙන්නේ. කොමිසමක් පත් කෙරුවම, කමිටුවක් පත් කෙරුවම ඒ කොමිසම්වල පරමාර්ථ ඉෂ්ට කරන්නේ නෑ. වගකීමක් පැවරුණාම අපි ඒක නිවැරදිව කරන්න දැන ගන්න ඕන. කෝප් කමිටුව පත් වුණාම කෝප් කමිටුවේ වගකීම වෙන්නේ තමන් ඉදිරියට එන කාරණා හරියාකාරව විභාග කරන එක. මම ඉන්නවා රාජ්‍ය ගිණුම්කාරක සභාවේ. අපි රාජ්‍ය ගිණුම්කාරක සභාවේ කරුණු විභාග කරනකොට ඒ ඒ ආයතන වල නිලධාරින් එක්ක විශේෂ සම්බන්ධතා නෑ. දන්නක් කට්ටියත් ඉන්නවා. නොදන්න කට්ටියත් ඉන්නවා ඒ හැමෝමගෙන්ම තියන කරුණු අහනවා. ප්‍රශ්න කරන්න තියන කරුණු ප්‍රශ්න කරනවා. ගිණුම්කාරක සභාවේ ඉදගෙන වැරදි වැඩ කරලා අනවශ්‍ය සම්බන්ධකම් විත්ටිය එක්ක හරි පැමිණිල්ල එක්ක හරි තියාගෙන හරි සාක්ෂි එක්ක හරි ගණුදෙණු කළා නම් ඊට පස්සේ අපි ජනාධිපති එක්ක හරි අගමැති එක්ක හරි වෙන කෙනෙක් එක්ක හරි අභියෝග කරගෙන ඉන්න ඕන. ගහගන්න යන්න් ඕන. අපිට ගහගන්න දෙයක් නෑනේ,”

“ජනාධිපතිතුමා පත්වුණේ යහපත් රටක් බිහිකරන්න. ඉතින් ජනවාරි 08 වෙනිදා ජනවරමත් ඒකයි. අගෝස්තු 17 වෙනිදා ජනවරම වුනෙත් යහපත් රටක් හදන්න. ඒකේ ඉදල හොරකම් වලටයි, කොමිස් වලටයි, කප්පම වලටයි අපි අතවනනවා නම්, දිව දික්කරනවා අම් ඒකේ ප්‍රශ්නයක් තියනවා. ව්‍යවස්ථාදායකයේ කට්ටිය විධායකයත් එක්ක ගහගන්න ගිහිල්ලා හරියන්නේ නෑ. දෙගොල්ලෝ සහයෝගයෙන් ඉන්න ඕන. සංහිඳියාවෙන් ඉන්න ඕන. රටට යහපතක් කරන්න ආවානම් ඒක කරන්න ඕන. වැරදි වැඩ නොකර හිටියා නම් දෝෂාභියෝග එන්නෙත් නෑ විශ්වාසභංග එන්නෙත් නෑ,” රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

Palitha Range Bandara