පන්නිපිටියේ PACE ආයතනය Red Hat Certified Linux පුහුණු සවිබලය වෙනුවෙන් අන්තර් ජාතික සම්මානයට

0

වර්තමානයේ වැඩියෙන්ම ව්‍යාප්ත වන පරිගණක මෙහෙයුම් පද්ධතියක් (Open Source Operating System) වන Linux ලොව ප‍්‍රධාන පෙළේ සමාගම් 500 යෙන් (Fortune 500 Companies) සියයට 90 ක් භාවිතා කරන මෙහෙයුම් පද්ධතියක් වේ. ඒ නිසා දේශීය සහ විදේශීය Red Hat Certified Linux වෘත්තිකයන් සදහා රැකියා වෙළෙදපළේ ඉහළ ඉල්ලූමක් පවතියි.

Red Hat Certified Linux වෘත්තිකයන් බිහිකිරීම වෙනුවෙන් පසුගිය වසර 4 කට ආසන්න කාලයක් පුරා කැපවූ පන්නිපිටියේ PACE ආයතනය පසුගියදා ඉන්දියාවේ මුසෝරිහිදි පැවති 2017 Red Hat Training Partners සමුඵවේදී “The Training Partner of The Year” යන විශිෂ්ටතම සම්මානයෙන් පිදුම් ලැබීය උළෙලේ සියලූම සම්මාන අංශවල ඉහලම සම්මාන. දකුණු ආසියාවේ සෙසු රටවල් අභිබවා PACE ආයතනයට මෙවර හිමිවීම විශේෂත්වයකි.

ව්‍යාපාර සංවර්ධනය සදහා Red Hat Certified Linux වෘත්තිකයන් බිහිකිරීම සදහා පන්නිපිටියේ PACE ආයතනයේ කැපවීම හා විශිෂ්ටත්වය මෙම අන්තර්ජාතික සම්මාන මගින් මැනවින් සනාථ වේ. මෙම විශිෂ්ටත්වය වෙනුවෙන් 2016 සහ 2015 වන වසරවලදීද PACE ආයතනයට අන්තර්ජාතික සම්මාන රැසක් හිමිවීය. දකුණු ආසියාවේ Red Hat පුහුණු ආයතනවල නියෝජිතයන් 120කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති 2017 Red Hat Training Partners සදහා PACE ආයතනය නියෝජනය කරමින් එහි ප‍්‍රධාන විධායක නිළධාරී සජිත් ද සිල්වා. අධ්‍යක්‍ෂ කපිල විතානගේ සහ Red Hat ප‍්‍රධාන පුහුණුකරු රොහාන් ද සිල්වා යන මහත්වරු සහභාගි වුහ.

මෙම සම්මාන හිමිවීම සම්බන්ධයෙන් අදහස් දක්වන PACE ආයතනයේ ප‍්‍රධාන විධායක නිළධාරී සජිත් ද සිල්වා

වර්තමාන ව්‍යාපාර ලෝකයට නැතුවම බැරි ප‍්‍රයෝගික Red Hat Certified Linux වෘත්තිකයන් බිහිකිරීමට තම ආයතනයේ ඇපකැප වීම මෙම සම්මාන හිමිවීම ම`ගින් මැනවින් සනාථ වන බව පෙන්වා දුන්නේය.PACE ආයතනයේ දැක්ම වනුයේ ව්‍යාපාර විශිෂ්ටත්වය වෙනුවෙන් මානව සම්පත සවිබලගැන්වීම බව ප‍්‍රකාශ කළ සජිත් ද සිල්වා . ඒ ස`දහා පාසල් මට්ටමේ සිටම දරුවන්ගේ දක්‍ෂතා හ`දුනාගනිමන් ඒවා වර්ධනය කිරීමට කැපවී සිටින බව අවධාරණය කළේය.

ව්‍යාපාරවල සාර්ථකත්වයට සෘජුවම දායකවිය හැකි සැබෑ වෘත්තීකයන් බිහිකිරීම වෙනුවෙන් කැප වු පන්නිපිටියේ PACE ආයතනයේ වෘත්තීය අධ්‍යාපන සේවාවන් Red Hat/Linux, Digital Marketing, Web Development, Career Skills Development, Java Programming, Microsoft Office Training වැනි විවිධ ක්‍ෂෙත‍්‍රවලට පැතිර පවතියි.

දරුවෙකුගේ අනාගතය සහතික ලබාගැනීමෙන් පමණක් සාර්ථක කරගත නොහැකි බවත්. ඊට එහා ගිය වෘත්තීය අධ්‍යාපනයක් ඔවුනට ලබාදිය යුතු බවත්. ඒ ඒ වයස්වල සිටින දරුවන්ගේ විෂය මාලාවට එහා ගිය නිපුණතා හා කුසලතා වර්ධනය කිරීම මගින් සැබැ වෘත්තිකයන් බිහි කළ හැකි බවත් PACE ආයතනය තරයේ විශ්වාස කරයි.

ඉන්දියාවේ පැවති 2017 2017 Red Hat Training Partners සමුඵවේදී “The Training Partner of The Year” සම්මාන 4 කින් පන්නිපිටියේ PACE ආයතනය පිදුම් ලැබු අවස්ථාව. එහි ප‍්‍රධාන විධායක නිළධාරී සජිත් ද සිල්වා. අධ්‍යක්‍ෂ කපිල විතානගේ සහ Red Hat ප‍්‍රධාන පුහුණුකරු රොහාන් ද සිල්වා යන අය.

සම්මාන සමගින් PACE ආයතනයේ කාර්ය මණ්ඩලය

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here