ආණ්ඩුවේ දේශපාලන සුසානයට කිඩාරම් මල් කළඹක්

0

දැනට අවුරුදු 2යි මාස 7 තිස්සේ නිෂ්ක්‍රිය කොට ඇති පළාත් පාලන ආයතන සියල්ල තවදුරටත් අකර්මණ්‍ය කිරීමේ ආණ්ඩුවේ නිර්ලජ්ජිත, උත්සහය ඒකාබද්ධ විපක්ෂය විසින් මහත් පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කොට තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුමගේ අත්සනින් යුතුව ‘ආණ්ඩුවේ දේශපාලන සුසානයට කිඩාරම් මල් කළඹක’ යන මැයෙන් මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයක් මගින් ඒකාබද්ධ විපක්ෂය මෙය දක්වා තිබෙනවා.

“එකී පිළිකුළ හා අප්‍රසන්නතාවය විසින්ම නිර්මාණය කරනු ලබන ‘කිඩාරම් මල් කළඹ’ ආණ්ඩුවේ සුසාන භූමිය අභියස තැන්පත් කිරීම සඳහා ද මෙය අවස්ථාවක් කර ගනිමු.” එම නිවේදනය සඳහන් කරනවා.

“මැටිවරණය නිර්වචනය වෙනුයේ ප්‍රජාතන්ත්‍රවාදයේ කල්‍යාණ මිතුරා ලෙසිනි. එසේම ප්‍රජාතන්ත්‍රවාදයේ භයානක හතුරා වනුයේ ත්‍රස්තවාදයයි. පසුගිය මහින්ද රාජපක්ෂ සමයේ එම සතුරා පරාජය කොට මීතුරා ලං කර ගත් ආකාරය ‘මුස්තාෆා මල්ශාලාවේ’ සිට කනත්ත දෙසට ඇදෙන පළාත් පාලන අවමංගල පෙරහැරේ මලබෙර නාදයට ඉහළින් පුරවැසියන්ට දර්ශනය වීමක් ඉසිවෙකුට වැළැක්විය නොහැකිය.” එම නිවේදනය දක්වා සිටී.

“මේ අනුව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ වෑයම මුළුමනින්මඅදේශපාලනිකය, අතාර්තිකය, අසම්මතය. ගෙවුණු කාලය තුළ ආණ්ඩුවේ දේශපාලකයින් විසින් මැතිවරණ ගැන කරනු ලැබූ ප්‍රකාශ එකතු කොට පොතක් සකසන්නේ නම් එයට උචිත නම වනුයේ නූතන ගජබින්නාලංකාරයයි. දුරකතන ඔස්සේ උපදෙස් ලබා පොත් ලියන ඇමතිවරුන්ට නම් අලියා හා දිවුල් ගෙඩිය නමින් එය ලියා පළ කිරීමේ හැකියාව තැත්තේ ද නොවේ.”

“පුරවැසියන් ඉදිරිපිට පාලකයින් විගඩමුන් වීම තරම් බරපතළ ඛේදවාචකයක් කිසිදු රජයකට ස්වාභාවික විපතකින් හෝ අත් විය නොහැක.”