සහෝදරයා සහ සහෝදරිය අතුරුදහන්…මස්කෙළිය පොලිසිය මෙහෙයුමක් දියත් කරයි..අතුරුදන් වු අයගේ සිරුරු හමුවේ…(Update)

4

මස්කෙළියේදි අතුරුදහන්ව සිටි සහෝදරයා සහ නැගනියගේ සිරුරු ගැඹුරු වලක තිබි නාවික හමුදාව ගොඩ ගනි.

මස්කෙළිය ගවරවිල බාර්ග‍්‍රා්වි කොටසේ පදිංචිව සිට ඉකුත් (26) සිට අතුරුදහන්ව සිටි සොහොයුරා සහ නැගණියගේ සිරුරු දෙක නාවික හමුදාව විසින් මාවුස්සාකැලේ ජලාශයට ප‍්‍රධාන වශයෙන් ජලය ගලා බසින මස්කෙළිය ඔයේ අතුශාඛාවක් වන බාර්ග‍්‍රාඔයේ ගැඹුරු වලක තිබි ගොඩ ගනු ලැබුවා. මෙසේ ගොඩගනු ලැබුවේ මස්කෙළිය ගවරවිල වතුයායේ පදිංචි සුබ‍්‍රමනියමි මහේන්ද්‍රන් (28) සහ ඔහුගේ නැගණිය වන පරෙමිෂ්වරි මහාලෙචිචමි (18) යන අයගේ සිරුරුයි.

……………………………………………………………………………………………………………….

මස්කෙළිය ගවරවිල බාග්‍රෝ කොටසේ පදිංචිව සිට දැනට අතුරුදහන්ව සිටින සහෝදරයා සහ සහෝදරිය සොයා මස්කෙළිය පොලිසිය අද (28.11) උදැසන සිට ප‍්‍රදේශය පුරා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මෙසේ අතුරුදහන්වි ඇත්තේ සුබ‍්‍රමනියමි මහේන්ද්‍ර (28) පරෙමිෂ්වරි මහාලේචිචමි (18) යන දෙදෙනායි. සුබ‍්‍රමනියමි මහේන්ද්‍රන් යන අය කොළඹ ප‍්‍රදේශයේ රියදුරෙකු වශයෙන් සේවය කරන අතර ඔහු ඉකුත් (26) දින කැබි රථයකින් සිය නිවසට පැමිණ අතුරුදහන්ව ඇති දුරකථනයක් සමිබන්ධයෙන් මස්කෙළිය පොලිසියට පැමිණිල්ලක් කිරිමට යන බව පවසා සිය නැගනියද එදිනම පස්වරු 2.00 ට පමණ නිවසෙන් පිටවගොස් තිබෙනවා. ඔහුන් දෙදෙනා ගමන් ගත් කැබි රථය මස්කෙළිය ගාඩිමෝර් මාර්ගයේ පසක නතර කර තිබිම සමිබන්ධයෙන් ප‍්‍රදේශවාසින් විසින් එම කැබි රථය පිළිබදව මස්කෙළිය පොලිසියට කරන ලද පැමිණීල්ලක් මත සොයා බැලිමේදි එම කැබි රථයේ පැමිණි සහෝදරයා සහ සහෝදරිය අතුරුදහන්වි ඇති බවට ඔහුන්ගේ ඥාතින් විසින් මස්කෙළිය පොලිසියට පැමිණීළී කර තිබෙනවා.

එම අතුරුදහන්වි ඇති දෙදෙනාගේ බවට සැක කෙරෙන පාවහන් මාවුස්සාකැලේ ජලාශයට ප‍්‍රධාන වශයෙන් ජලය ගලා බසින මස්කෙළිය ඔයේ අතුශාඛාවක් වන බාග‍්‍රඔය ඇළ අසල තිබි පොලිසිය විසින් අද (28.11) උදැසන සොයා ගෙන තිබෙනවා.

මෙම දෙදෙනා එම ඇළට පැන සියදිවි හානි කර ගත්තාද යන්න වු සැකයක් මත එම ඇළේ සොදිසි කිරිමි කටයුතු සදහා නාවික හමුදා කිමිදුමිකරුවන්ගේ සහයෝගය ලබා ගැනිමට කටයුතු කර ඇති බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක ටිරෝන් රත්නායක මහතා කියා සිටියා. එම සොදිසි කිරිමි සිදුකරන ඇළේ විශාල ගැඹුරකින් යුක්ත වලක් තිබෙන බවයි මස්කෙළිය පොලිසිය පවසන්නේ.

රංජිත් රාජපක්ෂ – හැටන්

4 COMMENTS

  1. Hey excellent website! Does running a blog such as this take a lot of work?

    I have absolutely no understanding of programming but

    I was hoping to start my own blog in the near future.

    Anyways, should you have any suggestions or tips for new blog owners please share.

    I understand this is off topic however I just

    wanted to ask. Thank you!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here