මේ හදන්නේ ෆැසිස්ට්තාලයේ මුක්කුවක් ගහන්න

0

පරාජිත ජනපති මහින්ද රාජපක්ෂ හා වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර ඉදිරි මැතිවරණයේදී ඒකාබද්ධ තාවයක් ඇති වුවහොත් එය දෙමළ ජාතික සන්ධානය ඇතුලු දෙමළ ජනතාවට විශාල ප්‍රශ්නයක් වන බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වික්‍රමබාහු කරුණාරත්න සදහන් කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන දෙමළ ජනතාවගේ අපේක්ෂා පාවාදෙමින් මහින්ද රාජපක්ෂ සමග එකතු වී ෆැසිස්ට්තාලයේ මුක්කු ගැසීමකට යන්නේනම් ඒ තුලින් විශාල ප්‍රශ්නයක් වන බවත් එවැනි තත්වයක් උද්ගත වුවහොත් දෙමළ දේශපාලන නායකයන්ට සහ ජනතාවට වාමාංශිකයන් සමග එක්වී සටන් කිරීමට සිදු වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here